අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට රට ගැන ජාතික හැඟීමක් නෑ

රනිල්ට රට ගැන ජාතික හැඟීමක් නෑ

හමුදාපතිටයි හමුදාවටයි එළව එළවා ගැහුවේ ඒ නිසයි ආර්ථික ඔස්තාර් කිව්වාට මෙලෝ බෝලයක් බැහැ ( සුජිත් මංගල ද සිල්වා ) යුධ හමුදාපතිවරයාට සහ ආරක්ෂක හමුදාවලට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා…

හමුදාපතිටයි හමුදාවටයි එළව එළවා ගැහුවේ ඒ නිසයි


ආර්ථික ඔස්තාර් කිව්වාට මෙලෝ බෝලයක් බැහැ 

( සුජිත් මංගල ද සිල්වා )

යුධ හමුදාපතිවරයාට සහ ආරක්ෂක හමුදාවලට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී එල්ල කළ දැඩි ප්‍රහාරයෙන් පැහැදිලි වන්නේ ඔහුට රට පිළිබඳව කිසිදු ජාතික හැගීමක් නොමැති බව යැයි සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටියි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා මේ බව කියා සිටියේ, කොළඹ දී සඳුදා (28) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීය. 

"රනිල්ගේ පැටිකිරිය අතීතය ඊට වඩා වෙනස්. දැක්කනේ මංගල කතාවේ ම හමුදාපතිටයි හමුදාවටයි පහර ගහලානේ පටන් ගත්තේ. එයාට ඔය හමුදා නිල ඇඳුම්, හමුදාපතිලා එහෙම ඇඟට අල්ලන්නේ නෑ කහඹිලියා වගේ. ඒවට ඇලජික්. මේ රටේ කවුරුම හරි හමුදාව දකින්න කැමති නැත්නම් හමුදාපතිලා අයින් කරන්න ඕනේ කියන මානසිකත්වයේ ඉන්නවා නම් එයාට කවදාවත් මේ රට ගැන ජාතික හැඟීමක් නෑ. රනිල් වික්‍රමසිංහ මහතාට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ ඒක තමයි.එයා කොච්චර දේශපාලනේ කරත් කොච්චර පණ්ඩිතයා වුණත් කොච්චර පොත් කියවලා තිබුණත් ජනතාවට එයත් එක්ක තියෙන ප්‍රශ්නේ තමයි එයාට ජාතික හැඟීමක් නැති කම   ”

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ට රට ගැන ජාතික හැඟීමක් නෑ | Lanka Newsweek