අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට පිටු පා මෛත්‍රීගෙන් අගමැතිකම නොගන්න එජාප මන්ත්‍රීවරු තීරණය කරති..!

රනිල්ට පිටු පා මෛත්‍රීගෙන් අගමැතිකම නොගන්න එජාප මන්ත්‍රීවරු තීරණය කරති..!

ව්‍යවස්ථාව උල්ලංඝණය කර අනාගත පරපුරට වැරදි ආදර්ශයක් දෙනු බැහැ..! පෞද්ගලික ප්‍රශ්න පසෙක තබා “මෛත්‍රී-රනිල්” ජන වරමට අනුව ක්‍රියා කළ යුතුයි..! (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල්…

ව්‍යවස්ථාව උල්ලංඝණය කර අනාගත පරපුරට වැරදි ආදර්ශයක් දෙනු බැහැ..!

පෞද්ගලික ප්‍රශ්න පසෙක තබා “මෛත්‍රී-රනිල්” ජන වරමට අනුව ක්‍රියා කළ යුතුයි..!

රනිල්ට පිටු පා මෛත්‍රීගෙන් අගමැතිකම නොගන්න එජාප මන්ත්‍රීවරු තීරණය කරති..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හැරුණු කොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොන්දේසිවලට යටත්ව එක්සත් ජාතික පක්ෂයේ කිසිදු නායකයෙකු අග්‍රාමාත්‍ය ධූරය භාර නොගත යුතු යැයි එම පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ 113ක බහුතරය ඔප්පු කර පෙන්නුවත් ඔහු යළි අග්‍රාමාත්‍ය ධූරයට පත් නොකරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිටින ස්ථාවරයට ව්‍යවස්ථානුකුලව, නීත්‍යනුකුලව සහ දේශපාලන සදාචාරයට අනුව එකඟ විය නොහැකි යැයි ද එක්සත් ජාතික පෙරමුණ අවධාරනය කර සිටියි.

එක්සත් ජාතික පෙරමුණ මේ ඒකමතික තීරණය ගනු ලැබුවේ එහි නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සඳුදා (26)  අරලිය ගහ මන්දිරයේදී රැස් වූ අවස්ථාවේදීය.

එහිදී දොස්තර රාජිත සේනාරත්න මහතා දේශපාලනය ගැන විශේෂ විග්‍රහයක් කරමින් කියා ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතරය හිමි කණ්ඩායම කිසිදු කොන්දේසියකට යටත් නොවී ව්‍යවස්ථාවට ,නීතියට  දේශපාලන සඛ්‍යතවයට වගේම සම්ප්‍රදායට අනුව බහුතරය හිමි කණ්ඩායම ලෙස එක්සත් ජාතික පෙරමුණේ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරය සඳහා යළි පත් කර ගැනීමට දේශපාලනිකව සේම  ව්‍යවස්ථානුකුලව සටන් කළ යුතු බවය.

කිනම් ක්‍රමයකින් හෝ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවක් ඇති කර ගත යුතු බව ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කර ඇති අතර එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී කියා ඇත්තේ එක්සත් ජාතික පෙරමුණ විපක්ෂයේ නම් නොසිටිය යුතු බවය.

එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පාර්ලිමේන්තුවේ දේශපාලන  පක්ෂ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව අවස්ථා ගණනාවකදීම සිය බහුතරය පාර්ලිමේන්තුවේ ඔප්පු කර පෙන්වා ඇති හෙයින්   ඒ අනුව ක්‍රියා නොකරන්නේ නම් ශ්‍රී ලංකා රජය  වැරදි පුර්වාදර්ශයක් සිය රට වැසියාට ලබා දෙන බව එහිදී අවධාරණය කෙරිණ.

කිනම් කොන්දේසියක් හේතුවක් හෝ සිද්ධියක් යටතේ රටේ ආණ්ඩුක්‍රම උල්ලංඝණය කිරීමට කිසිවෙකුට ඉඩ  තැබිය නොහැකි යැයි එහිදී  සඳහන් කෙරිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත්  ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර පවතින පෞද්ගලික ප්‍රශ්න හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරය හිමි එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙනුවට එම පක්ෂයෙන්  වෙනත් පුද්ගලයෙකු අගමැති ධූරයට පත් කිරීමට එකඟ වෙනවා කියන්නේ, රටේ ජාතික දේශපාලනය අවුල් වියවුල් කරමින් රට අස්ථාවර කිරීමක් වන අතර එම තත්ත්වය 2015 ජනවාරි 08 වැනිදා ජනතාව ලබා දුන් ජන වරමට එරෙහිව අනාගතයේදී තව තවත් ඒකාධිපති ජනාධිපතිවරුන් බිහි කිරීමේ අනතුරුදායක ක්‍රියාදාමයකට ඉඩ සැලසීමක් වනු ඇතැයි ද එහිදී අවධාරණය කෙරිණ.

රනිල් වික්‍රමසිංහ මහතා සමග තිබෙන පෞද්ගලික ප්‍රශ්න ජාතික දේශපාලනය,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිය සහ පාර්ලිමේන්තු සම්ප්‍රධාය සමග පටලවා නොගත යුතු යැයිද එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු කණඩායම වැඩි දුරටත් එහිදී තරයේ පෙන්වා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල්ට පිටු පා මෛත්‍රීගෙන් අගමැතිකම නොගන්න එජාප මන්ත්‍රීවරු තීරණය කරති..! | Lanka Newsweek