අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට එරෙහි සුදත්ගේ ප්‍රහාරය ඇරඹේ..!

රනිල්ට එරෙහි සුදත්ගේ ප්‍රහාරය ඇරඹේ..!

රනිල් “මාර්කට්” කරන්න අබමල් රේණුවක දෙයක්වත් ඉතිරි වෙලා නැහැ..! Mr. Clean “EXPIRED”..! පාක්ෂිකයින්ට අගමැති කළ අපරාධය සුදත් චන්ද්‍රසේකර හෙළි කරයි..! 2020 ජනාධිපතිවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල්…

රනිල් “මාර්කට්” කරන්න අබමල් රේණුවක දෙයක්වත් ඉතිරි වෙලා නැහැ..!

Mr. Clean “EXPIRED”..!

පාක්ෂිකයින්ට අගමැති කළ අපරාධය සුදත් චන්ද්‍රසේකර හෙළි කරයි..!

රනිල්ට එරෙහි සුදත්ගේ ප්‍රහාරය ඇරඹේ..!

2020 ජනාධිපතිවරණය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “මාර්කට්” කරන්න ඔහු සතුව අබමල් රේණුවක දෙයක්වත් ඉතිරි වී නැතැයි ඔහුගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා “lankanewsweek” වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව බව පැවසුවේ “සුදත් චන්ද්‍රසේකරට නොසැලකීමේ විපාකය අගමැතිට තේරිලා..” යනශීර්ෂය යටතේ 2018.09.13 “lankanewsweek” පළ කළ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ සුදත් චන්ද්‍රසේකර මහතා මෙසේ ද කීය.

2015 ජනවාරි 8 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ අප විජයග්‍රහණය කළේ අපේ ඡන්ද පොළ නියෝජිතයින් 12,000 ට මාස හයක් ඇතුළතදී රැකියා ලබාදී දේශපාලන පළි ගැනීම්වලට ලක්වූ සියලුම යුක්තිය සහ සාධාරණය ඉටු කර ආර්ථිකය දියුණු කරමින් රට සංවර්ධනය කරන බවටද හොරුන් සහ මැරයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන අතර දුෂණ,වංචා සහ අක්‍රමිකතා පිටු දකින බවට ද පාක්ෂිකයින්ට පොරොන්දු වෙමිනුයි.

කෙසේ නමුත් මේ වන විට මේ රටේ පාලකයින් සහ එක්සත්ජාතික පක්ෂයේ නායකයා ඇතුළු බොහෝ අය එම පොරොන්දු අමතක කර පාක්ෂිකයා නොසලකා හැර තිබෙන අතර ඒහේතුවෙන් ගම් මට්ටමේ සහ බිම් මට්ටමේ එක්සත් එක්සත් ජාතික පාක්ෂිකයින් අන්ත අසරණ වී,අතරමං වී අනාථ වී සිටිනවා.

පොරොන්දු වූ පරිදි ඡන්ද පොළ නියෝජිතයින් 12,000 ට රැකියා ලබාදී නොමැති අතර දේශපාලන පළි ගැනීම්වලට ලක් වූ පාක්ෂිකයින්ට යුක්තිය සහ සාධාරණය ද ඉටු කර නැහැ.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයින් ආණ්ඩුවේ සියලුම දේශපාලන පත්වීම් ලබාදී තිබෙන්නේ “සිරිකොත”මූලස්ථානය සිහිනයෙන්වත් නොදැකපු පක්ෂයට කිසිම වැඩක් නොකළ ඒ අයගේ පුද්ගලික සහ පවුල්වල හිතවතුන්ටයි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන පුද්ගලයකු ලෙස මම සටන් කරන්නේ මේ අසාධාරණයට,අන්ත අසරණභාවයට සහ නොසලකා හැරීමට ලක්ව සිටින අපේ පාක්ෂිකයින් වෙනුවෙනුයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාව අප එදා සිට “මාර්කට්” කරන්න උත්සහ කළේ “Mr,Clean” සහ දකුණු ආසියාවේ බුද්ධිමත්ම දේශපාලන නායකයා කියන සංකල්ප දෙක යටතේයි. කෙසේ නමුත් එම සංකල්ප දෙක යටතේ තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා විකුණන්න නොහැකි තත්ත්වයක් මේ වන විට උදා වෙලා තිබෙනවා. “Mr,Clean” සහ දකුණු ආසියාවේ බුද්ධිමත්ම දේශපාලන නායකයා කියන විරුදාවලිය එතුමා අවාසනාවන්ත ලෙස විනාශ කර ගෙන තිබෙනවා.

“Mr,Clean” සහ දකුණු ආසියාවේ බුද්ධිමත්ම දේශපාලන නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතා විකුණන්නන හැකියාවක් නොමැති අතර ඒඅනුව 2020ජනාධිපත්වරණය සඳහා “මාර්කට්”කරන්න එතුමාට කිසිවක්ම ඉතිරි වෙලා නැහැ. මේතත්ත්වය යටතේ 2020 ජනාධිපතිවරණය සහ සිය ජනාධිපති අපේක්ෂකයා සමබන්ධයෙන් එක්සත් ජාතික පාක්ෂිකයින් අලුතින් සිතා බුද්ධිමත්ව තීරණයක් ගත යුතු කාලය එළැඹ තිබෙනවා.

රනිල්ට එරෙහි සුදත්ගේ ප්‍රහාරය ඇරඹේ..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල්ට එරෙහි සුදත්ගේ ප්‍රහාරය ඇරඹේ..! | Lanka Newsweek