අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට එරෙහිව සජිත් බැසිල් එකතු වෙලා

රනිල්ට එරෙහිව සජිත් බැසිල් එකතු වෙලා

එදා මෛත්‍රී-ගෝඨා එක්ක හිටපු සජිත් අද බැසිල් එක්ක සජිත් පක්ෂයයි පාක්ෂිකයයි පාවා දෙන හැටි මෙන්න..! මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් සමග එදා දේශපාලන වශයෙන් කූට ගනුදෙනුවක යෙදී සිටී…

එදා මෛත්‍රී-ගෝඨා එක්ක හිටපු සජිත් අද බැසිල් එක්ක  

සජිත් පක්ෂයයි පාක්ෂිකයයි පාවා දෙන හැටි මෙන්න..!

මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන ජනාධිපතිවරුන් සමග එදා දේශපාලන වශයෙන් කූට ගනුදෙනුවක යෙදී සිටී (Political Deal) සජිත් ප්‍රේමදාස මහතා අද එම ගනුදෙනුව සිදු කරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග යැයි සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් "lankanewsweek" සමග හෙළිදරව් කර සිටියේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සමග සිදු කරන මෙම කූට දේශපාලන ගනුදෙනුව ගැන හෙළිදරව් කරමින් "lankanewsweek" සමග වැඩි දුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ එම ජ්‍යෙෂ්ඨ නායකයා මෙසේ ද කීය.

"මේ කතාව කවුරුවත් දන්නේ නැහැ. සජිත් ප්‍රේමදාසයි-බැසිල් රාජපක්ෂයි මේ මේ දවස්වල එකට එකතු වෙලා ඉන්නේ...ඒ රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුවට විරුද්ධව. මේ දෙදෙනාගේම පොදු හතුරා රනිල් වික්‍රමසිංහ...බැසිල් රාජපක්ෂ කරන්නේ සජිත් ප්‍රේමදාස යොදවලා ආණ්ඩුවටයි ජනාධිපති රනිල් වික්‍රමසිංහටයි ප්‍රහාර එල්ල කරන එක.

දැන්වීම

බැසිල් රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහ එක්ක ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ඔහු කියන කිසිවක් ජනාධිපතිවරයා සිදු නොකිරීමයි. ඇමතිකම් ඉල්ලලා බැසිල් රාජපක්ෂ ලැයිස්තුවක් යැව්වා. නමුත් ජනාධිපතිවරයා ඒ කිසේවෙකුට ඇමතිකම් දුන්නේ නැහැ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ක්‍රමානුකූලව දෙකඩ කිරීම ගැනත් බැසිල් රාජපක්ෂ ඉන්නේ ලොකු අවුලකින්.

සජිත් ප්‍රේමදාසට තිබෙන්නෙත් බැසිල් රාජපක්ෂට තිබෙන ප්‍රශ්න ටිකමයි. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා එක්ක හිටපු සජිත් ප්‍රේමදාස ඊට කලින් එනම් යහ පාලන ආණ්ඩු කාලයේ රනිල් වික්‍රමසිංහට සහ ආණ්ඩුවට එරෙහිව සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සමගයි.

ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ ඔහුට විරුද්ධව මහා පාරට බහින්න සජිත් ප්‍රේමදාසට උවමනාවක් තිබුණේ නැහැ. නමුත් දොස්තර රාජිත සේනාරත්න ඇතුළු ජ්‍යෙෂ්ඨන්ගේ බල කිරීමට පළමු වතාවට සමගි ජන බලවේගය සමග පාරට බහින්න සජිත් ප්‍රේමදාසට සිදු වුණා. එදා ඒ උද්ඝෝෂණය ඉවර වෙලා ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකථන ඇමතුමක් ලබා දී කියා තිබුණේ එම උද්ඝෝෂණය කළේ තමාගේ උවමනාවකට නොව රාජිත සේනාරත්නගේ උවමනාවට කියායි. ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ ඔහුගේ හිතවතෙකු එක්ක කියා තිබුණා.

පාඨලී චම්පිකලා, හරීන් ප්‍රනාන්දුලා, මනුෂ නානායක්කාරලා සහ පී හැරිසන්ලා ඇතුළු පිරිස් සමගි ජන බලවේගය අත හැර ගියේ ද, ඉදිරියේ දී තවත් විශාල පිරිසක් එසේ යන්න සූදානමින් සිටින්නේ ද, සජිත් ප්‍රේමදාසගේ මෙම පවාදීම්, කුමන්ත්‍රණ සහ දේශපාලන කුහකකම් නිසයි." 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රනිල්ට එරෙහිව සජිත් බැසිල් එකතු වෙලා | Lanka Newsweek