අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී

රනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී

කෘත්‍යධිකාරීය දෙදෙරවයි-තව දුරටත් පක්ෂය විනාශ නොකරනු බහුතරයේ විරෝධය මත රනිල් කෘත්‍යාධිකාරීයෙන් පැන යයි "නවීන්-රවී-අර්ජුන-දයා නොමැතිව එජාපයට අනාගතයක් නැහැ" දිනුක කොළඹගේට-ෂෙහාන් හේරත්ට-කණිෂ්ක රාජපක්ෂට…

කෘත්‍යධිකාරීය දෙදෙරවයි-තව දුරටත් පක්ෂය විනාශ නොකරනු     

බහුතරයේ විරෝධය මත රනිල් කෘත්‍යාධිකාරීයෙන් පැන යයි 

"නවීන්-රවී-අර්ජුන-දයා නොමැතිව එජාපයට අනාගතයක් නැහැ"

දිනුක කොළඹගේට-ෂෙහාන් හේරත්ට-කණිෂ්ක රාජපක්ෂට විරෝධය 

රනිල්ගේ අලුත්ම කොල්ලෝ තුන් දෙනා අනාථයි 

නියෝජ්‍ය නායකකම අත හරින්න රුවන් සූදානම් 

රනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට, ක්‍රියා කලාපයට සහ වැඩ පිළිවෙළට එරෙහිව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පක්ෂ අභ්‍යන්තරයේ තීරණාත්මක සටනක් ආරම්භ කර තිබේ.

ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ "සිරිකොත" මූලස්ථානයේ දී සිකුරාදා (05) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා, රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඉතා දැඩි ලෙස සහ තරයේ කියා තිබෙන්නේ තව දුරටත් පක්ෂය විනාශ නොකර සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර පක්ෂය සමගි සම්පන්න කර ජයග්‍රහණය කරා මෙහෙය වීමට වහාම ක්‍රියා කරන ලෙසය.

දැන්වීම

එක්සත් ජාතික පක්ෂයේ සමගිය, ජයග්‍රහණය සහ පැවැත්ම වෙනුවෙන් සිය නියෝජ්‍ය නායක පදවිය පවා පරිත්‍යාග කිරීමට තමා සූදානම් බව අවධරණය කර ඇති රුවන් විජයවර්ධන මහතා ඇතැම් පිරිස් තමාට වැඩ කිරීමට ඉඩ නොදී කකුලෙන් අදින බවට ද, පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස තමාට නිසි බලතල, වගකීම් සහ කාර්ය භාරයන් පවරා නොමැති බවට ද චෝදනා කර ඇත.

රවී කරුණානායක, නවීන් දිසානායක, අර්ජුන රණතුංග සහ දයා ගමගේ යන මහත්වරුන්ගෙන් තොරව එක්සත් ජාතික පක්ෂයට අනාගතයක්, පැවැත්මක් සහ ජයග්‍රහණයක් නොමැති බව තරයේ අවධාරණය කර ඇති රුවන් විජයවර්ධන මහතා ඒ අයට පක්ෂයේ තනතුරු, වගකීම් සහ බලතල පවරා ඉදිරියට ගෙන පක්ෂය සමගි කළ යුතු බව ද දැඩි ලෙස කියා ඇත.

රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් වැඩි දුරටත් අවධාරණය කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය අහෝසි කර පක්ෂයේ සියලු වගකීම්, බලතල සහ කාර්ය භාරයන් නවීන් දිසානායක, අර්ජුන රණතුංග, රවී කරුණානායක, දයා ගමගේ, වජිර අබේවර්ධන, අකිල විරාජ් කාරියවසම්, පාලිත රංගේ බණ්ඩාර, සාගල රත්නායක සහ රුවන් විජයවර්ධන යන මහත්වරුන් ඇතුළු කණ්ඩායම වෙත පවරා රනිල් වික්‍රමසිංහ මහතා ඒ සියලු කටයුතු අධීක්ෂණය කළ යුතු බවය.

සිය කියාවන්, දක්ෂතාවයන් සහ කැපවීම් පෙන්වා ඒ අතරින් ඉදිරියට පැමිණෙන පුද්ගලයාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දිය යුතු බව ද  රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන් බහුතරය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ දැඩි ලෙස අවධාරණය කර ඇත.

මෙහිදී නැගී සිටී එක්සත් ජාතික පක්ෂ කෘත්‍යධිකාරී මණ්ඩල සභික නීතීඥ කස්තුරි අනුරාධනායක මහතා මෙසේ පවසා ඇත.

"වර්තමානය වන විට පක්ෂයේ අවසානයට ඉතුරුවී සිටින්නේ නායකතුමා වටා ඉන්න පිරිසක් විතරයි. මේ වන විට ඒ මිනිස්සු බෙදීමකට ලක් කිරීම හේතුවෙන් ඉදිරියේදී පක්ෂය තවත් අර්බුදයකට ලක් වනවා. රවි කරුණානායක, නවීන් දිසානායක සහ අර්ජුන රණතුංග පක්ෂය වෙනුවෙන් දර දිය ඇදපු මිනිස්සු. ඒ වුණත් අද ඒ අයට පක්ෂයේ කිසිදු තනතුරක් නොදී පැත්තකට කරලා තියෙනවා. මේ විදියට පක්ෂයේ ඉන්න ප්‍රධාන බලකණු පැත්තකට කරලා තියලා කොහොමද පක්ෂය ඉදිරි ගමනක් යන්නේ..? මේ තත්ත්වය නිසා පක්ෂයට අංශ භාගය හැදිලා. මේ තුන් දෙනාට පක්ෂයේ බලයක් දී ලා නැහැ. උප නායකයා ලෙස අකිල විරාජ් වැඩ කරන්නේ නැහැ. නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජයවර්ධනට වැඩ කරන්න දෙන්නෙ නැහැ. පක්ෂයේ ඉන්න ප්‍රබලයින්ට මේ තත්ත්වය නම් කොහොමද පක්ෂයක් ඉදිරියට කටයුතු කර ගෙන යන්නේ.

මට මතකයි එක් අවස්ථාවකදී මැතිවරණයක් වෙලාවේ මම හම්බන්තොට ගිහිල්ලා සති දෙකක් ඉඳලා සජිත් ප්‍රේමදාසට විරුද්ධව හිටපු අය වෙනුවෙන් රැස්වීම් සූදානම් කරලා රවී කරුණානායක මහත්තයා එහෙ අරන් ගියා. එහිදී අපිට බෙලිඅත්තේදී ගැහුවා. අපේ වහන කුඩු කළා. අපිට රෑ එන්න විදිහක් නැතුව ඉන්න කොට රවී කරුණානායක මහත්තයා තමයි වීදුරු කැඩිලා කුඩු වෙලා තිබ්බ වාහනය  පැද ගෙන අපිව අරන් ආවේ  කොළඹට. එහෙම මිනිස්සු අමතක කරලා පැත්තකට දාලා මේ පක්ෂය කොහිද මේ යන්න හදන්නේ.  

අද පක්ෂයේ තරුණ ජවය ශක්තිමත් කිරීම සඳහා සාර්ථක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අලුතෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කර ගත් දිනුක කොළඹගේ, ෂෙහාන් හේරත් සහ කණිෂ්ක රාජපක්ෂ යන තරුණයින් නායකත්වයේ අවශ්‍යතාවය මත තෝරා ගෙන තිබෙනවා. එම පත් කිරීම් නිසා පක්ෂයට දර දිය ඇදපු දක්ෂ තරුණයන් මේ වන විට කලකිරි පක්ෂයෙන් ඈත් වෙලා."

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රධාන කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයන්ගේ මෙම දැඩි අදහස් දැක්වීම් සහ බල කිරීම් මධ්‍යයේ අන්ත අසරණ වූ එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය මේසෙයට දෙතුන් වතාවක් අතින් ගසා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අතරමඟ නවතා රැස්වීමෙන් නැගිට ගොස් තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 3
බෙදාගන්න
රනිල්ට එරෙහිව රුවන් සටන අතට ගනී | Lanka Newsweek