රනිල්ට එරෙහිව එජාප තරුණයෝ රුවන්ට එක් වෙති

රුවන්ගේ තරුණ රැස්වීම තහනම් කර රනිල් සාගල එක්ක මීගමු ගිහින් මීගමුවේ "Bethani" බංගලාවේ දී කොල්ලෝ-කෙල්ලෝ හම්බ වෙලා එජාප තරුණ තරුණියන් පාරට බහින ලකුණු එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම…
රුවන්ගේ තරුණ රැස්වීම තහනම් කර රනිල් සාගල එක්ක මීගමු ගිහින්
මීගමුවේ "Bethani" බංගලාවේ දී කොල්ලෝ-කෙල්ලෝ හම්බ වෙලා
එජාප තරුණ තරුණියන් පාරට බහින ලකුණු

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා වෙනුවෙන් රට පුරා තරුණ තරුණියන් එකට ඒකරාශී කිරීමට එම පක්ෂයට අනුබද්ධිත ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් තීරණය කර ඇත.
මේ බව දන්නා රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රුවන් විජයවර්ධන මහතා සංවිධානය කරන කිසිදු රැස්වීමකට අවසර නොදී සිටීමට කටයුතු කරමින් සිටින අතර ඔහුට කිසිදු වගකීමක් සහ කාර්ය භාරයක් නොපවරා ඔහු පසෙකට තල්ලු කර තිබෙන ජාතික යොවුන් පෙරමුණේ තරුණ තරුණියන් පිරිසක් "lankanewsweek" සමග පැවැසූහ.
දැන්වීම
ඊට හොඳම උදාහරණය වන්නේ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් දිවි පරදුවට තබා ඇපකැප වී දරදිය ඇද්ද තරුණ තරුණියන් එකට ඒකරාශී කරමින් සීදුව "Ramada" හෝටලයේ දී රුවන් විජයවර්ධන මහතා සංවිධානය කර තිබූ රැස්වීම වහාම නතර කරන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කිරීමය.
රුවන් විජයවර්ධන මහතාගේ රැස්වීම තහනම් කරමින් සහ ඊට සභාගී වීම ප්‍රතික්ෂේප කරමින් රනිල් වික්‍රමසිංහ මහතා එදිනම මීගමුව "Bethani" බංගලාවට ගොස් තරුණ තරුණියන් හමුවී ඔවුන් සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමින් විනෝදයෙන් සහ විවේකයෙන් දවස ගත කර ඇත.
මේ තරුණ හමුවට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ ඇත්තේ එම පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක මහතා සමග වන අතර එම රැස්වීම සංවිධානය කර ඇත්තේ සාගල රත්නායක මහතාගේ අතිශය පෞද්ගලික ප්‍රියතමයෙකු වන ශානුක කරුණාරත්න මහතාය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ රුවන් විජයවර්ධන මහතාගේ කකුලෙන් මෙසේ අදින්නේ ඔහු ඉදිරියට පැමිණිය හොත් සාගල රත්නායක මහතාට දේශපාලන අනාගතයක් නොමැති වන නිසා බව පෙන්වා දුන් ජාතික යොවුන් පෙරමුණේ එම තරුණ තරුණියෝ ඉදිරියේ දී මහා පාරට බැස මේ තත්ත්වයට එරෙහිව සටන් කරන බව ද අවධාරණය කළහ.
