අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසූ හැටි වජිර හෙළි කරයි

රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසූ හැටි වජිර හෙළි කරයි

ත්‍රස්තයින් බෝම්බ ගහද්දී රනිල්ව විනාඩි 25ක් එළියේ වාඩි කරවලා රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වසුවේ කවුද..? පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට හිටපු අග්‍රාමාත්‍ය…

ත්‍රස්තයින් බෝම්බ ගහද්දී රනිල්ව විනාඩි 25ක් එළියේ වාඩි කරවලා 

රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වසුවේ කවුද..?

පාස්කු ප්‍රහාරයෙන් පසු ජාතික ආරක්ෂක මණ්ඩලයට සහභාගී වීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විනාඩි 25ක් එළියේ කාමරයක වාඩි කර තබා ඔහුට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසුවේ යැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී සිකුරාදා (22) හෙළිදරව් කර සිටියේය.

තමා ද එදින අග්‍රාමාත්‍යවරයා සමග ආරක්ෂක අමාත්‍යාංශයට ගිය බව ද, ඒ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉවසීම ගැන තමාට පුදුම වූ බව ද, තමා නම් ඒ අවස්ථාවේ දී ආරක්ෂක මණ්ඩලයේ දොර තල්ලු කර ගෙන ගොස් එහි වාඩි වන්නේ යැයි ද වජිර අබේවර්ධන මහතා කියා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක අමාත්‍යංශයට පැමිණ සිටින බව දැන ගත් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු පැමිණ "ඔබතුමා දැනට ඔහොම ඉන්න" යැයි පැවසූ බව ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා ඇතුළු නිලධාරීන් එම අවස්ථාවට එක්ව සිටි අතර දේශපාලන අධිකාරියේ කිසිවකුත් නො සිටි බව ද වජිර අබේවර්ධන මහතා හෙළි කළේය. 

දැන්වීම

ජාතික ආරක්ෂක මණ්ඩලයේ දොර තමාට වැහුණත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුව අග්‍රාමාත්‍ය කාර්යාලයට සියලු නිලධාරීන් කැඳවා සවස් වන විට ත්‍රස්තවාදීන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට සහ ඉතිරි ත්‍රස්තවාදීන් පුපුරුවා ගෙන මැරෙන තැනට කටයුතු යෙදූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය. 

ශ්‍රී ලංකාවේ බුද්ධි අංශ ගැන දේශපාලන නායකයින් මීට වඩා වගකීමෙන් වැඩ කළ යුතු යැයි ද, ඇතැම් දේශපාලකයන්ගේ කතා අසන විට ත්‍රස්තවාදීන් පමණක් නොව මුළු ලෝකයම අපට සරදම් කරන බව ද වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය. 

පාස්කු ප්‍රහාරය ගැන පාර්ලිමේන්තු විවාදය දකින විට කණගාටුවක් ඇති වන බවද, බෙදී වෙන්වී ගහ මරා ගත හොත් විනාශ වන්නේ මුළු මහත් ජාතියම බවද වජිර අබේවර්ධන මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියේය. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ට ආරක්ෂක මණ්ඩලයේ දොර වැසූ හැටි වජිර හෙළි කරයි | Lanka Newsweek