අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ගේ 70 වැනි උපත සාගලගේ නිවසේ ජයටම සැමරේ..!

රනිල්ගේ 70 වැනි උපත සාගලගේ නිවසේ ජයටම සැමරේ..!

ඉෂිනි වික්‍රමසිංහ-සාගල රත්නායක පෙරමුණ ගනී..! තෝරා ගත් පිරිසකට පමණක් ඇරයුම්..! උත්සවයම අපුලක් ගෙන දෙන බව සමහරු කියති..! "lankanewsweek" වෙතින් අගමැතිට රස බර උපන්දිනයක්..! (සුජිත් මංගල ද සිල්වා) මේ මස…

ඉෂිනි වික්‍රමසිංහ-සාගල රත්නායක පෙරමුණ ගනී..!

තෝරා ගත් පිරිසකට පමණක් ඇරයුම්..!

උත්සවයම අපුලක් ගෙන දෙන බව සමහරු කියති..!

දැන්වීම

"lankanewsweek" වෙතින් අගමැතිට රස බර උපන්දිනයක්..!

(සුජිත් මංගල ද සිල්වා)

මේ  මස 24 වැනිදාට යෙදී  තිබෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ  70 වැනි ජන්ම දිනය නිමිත්තෙන් මාතර දෙනියායේ පිහිටි අග්‍රාමාත්‍ය  කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාගේ පෞද්ගලික නිවසේ විශේෂ රාත්‍රී භෝජන සංග්‍රයක් සමග අතිශය පෞද්ගලික උත්සවයක් සංවිධානය  කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ විශේෂ උපන්දින සාදය සඳහා ආරාධනා කර තිබෙන්නේ ඔහුට පෞද්ගලිකව සහ දේශපාලනිකව ඉතා සමීප සුළු පිරිසකට පමණි.

රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මේ උත්සවය සංවිධානය කරන්නේ, ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ අගමැති මාධ්‍ය ඒකකය භාර ක්‍රියා කරන ඔහුගේ වැඩිමහල් සොහොයුරා  වූ ශාන් වික්‍රමසිංහ මහතාගේ දියණිය වන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය විසිනි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපන්දිනය වෙනුවෙන් මේ වන තුරුත් ඔහුගේ සාමාන්‍ය දේශපාලන හිතවතුන්,පාක්ෂිකයින් සහ පක්ෂ ක්‍රියාකාරීන් වෙනුවෙන් මෙතෙක් උත්සවයක් සංවිධානය කර නොමැත.

මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාට සහ සාගල රත්නායක මහතාට හිතවත් අයගෙන් "lankanewsweek" කරුණු විමසූ අවස්ථාවේදී ඒ අය අප කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ මේ ගැන හෙළිදරව් නොකරන ලෙසය.

මේ අති විශේෂ උපන් දින උත්සවය සඳහා ආරාධනා ලැබූ සුළු පිරිස අතරින් කිහිප දෙනෙකු "lankanewsweek" සමග කියා සිටියේ මේ උත්සවයට සහභාගීවීමත් අපුලක් ගෙන දෙන කාරණයක් බවය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ගේ 70 වැනි උපත සාගලගේ නිවසේ ජයටම සැමරේ..! | Lanka Newsweek