රනිල්ගේ සැලසුම රවී හෙළිදරව් කරයි

රවීට අනුව ජනපතිවරණයට පෙර මහා මැතිවරණය..! රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන…
රවීට අනුව ජනපතිවරණයට පෙර මහා මැතිවරණය..!
රට ගොඩගත හැක්කේ එජාප ජනපතිවරයෙකු සහ එජාප ආණ්ඩුවක් යටතේ විතරයි

ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත් වීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන රජයේ අවධානය යොමු වී තිබෙන බව දැන ගැනීමට තිබේ.
"ජය ගමු-2048" යන තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මැයි පළමු වැනිදා පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි රැලියේ දී හිටපු මුදල් ඇමති සහ එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක මහතා කළ කතාවෙන් ජනාධිපතිවරයාගේ එම සැලසුම හෙළිදරව් විය.
දැන්වීම
එහිදී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියේ, 2048 දී ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් කිරීම සඳහා 2024 මැයි පළමු වැනිදා වන විට රනිල් වික්‍රමසිංහ මහතා ජන වරමකින් රටේ ජනාධිපති ධූරයට පත් කළ යුතු අතර 2024 මැයි මාසයට පෙර සියලුම මිත්‍රශීලී පක්ෂ සමග එකට ඒකරාශී වී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හැදිය යුතු බවය.
රට ගොඩගත හැක්කේ එක්සත් ජාතික පක්ෂ ජනපතිවරයෙකු සහ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පමණක් යැයි ද රවී කරුණානායක මහතා එහිදී වැඩි දුරටත් අවධාරණය කර සිටියේය.