රනිල්ගේ පාලනය යටතේ රටේ ආදායම 40% වැඩි වුනා.

ආණ්ඩුවේ ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000 යි. බදු අඩුකරන්න ආපු ආණ්ඩුව දැන් ආහාර වලටත් බදු ගහනවා. පෙට්‍රල් 150 ට ගහන්න මාසෙ පඩියෙන් කාර් ගන්න පුළුවන් කියා මාළිමාව රටම රැවැට්ටුවා. ජාතික ජන බලවෙගයේ රජය…
ආණ්ඩුවේ ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000 යි.
බදු අඩුකරන්න ආපු ආණ්ඩුව දැන් ආහාර වලටත් බදු ගහනවා.
පෙට්‍රල් 150 ට ගහන්න මාසෙ පඩියෙන් කාර් ගන්න පුළුවන් කියා මාළිමාව රටම රැවැට්ටුවා.
ජාතික ජන බලවෙගයේ රජය ජනාධිපතිවරණය ජය ගත්තේ ජනතාව බොරුවෙන් රවටා බවත්, බොරු කියා ගත් බලය රැක ගන්නට නොහැකි බැවින් දැන් වැඩි වැඩියෙන් ණය ගනිමින් සිටිනා බවත් මේ දිනවල ආණ්ඩුවේ ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000 දක්වා ඉහළ ගොස් ඇති බවත් හිටපු අමාත්‍යා මනූෂ නානායකකාර පැවසීය. ඔහු මේ බව පැවසූවේ බලපිටියේ පැවති නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ප්‍රචාරක රැළියක් අමතමිනි/.
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ඔහු මෙසෙ පැවසීය.
''දැන් මේ ආණ්ඩුව බලයට එන්න කළින් මිනිස්සු මොනවද හිතුවේ. උගන්ඩාවේ සල්ලි එයි. බඩුමිල අඩුවෙයි. ඩීසල් රුපියල් 100. පෙට්‍රල් 150 යි. පඩි වැඩිවේයි, ණය කපා හැරෙයි බිත්තර රුපියල් 18 ට කන්න පුළුවන් වෙයි. ඒ විතරක් නොවේ අයි ෆෝන් එක මාසෙන් ගන්න පුළුවන් වෙයි . එක මාසේ පඩියෙන් කාර් එකක් ගන්න පුළුවන් වෙයි එහෙම තමයි හිතුවේ. මොකද එහෙම තමයි කීවේ.
දැන්වීම
ආපු ගමන් කියපු හොරු ටික ටක් ගාලා අල්ලයි කියලා ජනතාව හිතුවා. හොරු හොරු හොරු කියලා වෛරය හැදුවා . ණය අරගෙන රටක් කරන එක වැඩක්ද කියලා ඇහුවා. ණය ගනන් එක පිට කොටුවේ මුදලාලි කෙනෙකුටත් කරන්න පුලුවන් කීවා.
අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ පාලනය යටතේ ණය ටිකෙන් ඩොලර් බිලියන18 ක් කපල, රට බංකොලොත් භාවයෙන් මුදාගත්තා. අපේ අමාත්‍යංශයෙන් විතරක් ඩොලර් බිලියන 13 ගෙනත් දීලා තියනවා රට විරුවන් හරහා . ඒ විතරක් නෙවෙයි ඩොලර් බිලියන හය හමාරක් සංචිත ඉතුරු කරලා, තවත් භාණ්ඩාගාරෙත් සල්ලි ගොඩක් තියලා, තෙල් ගෙනල්ල ගෑස් ගෙනල්ලා ප්‍රශ්නයක් නැතුව රට දුවන්න් පුළුවන් තත්ත්වය හදලා ගියේ. ඒකට අපිට රටේ ජනතාවගෙන් විසි තුන ලක්ෂයක් කෘතවේදීව ඡන්දය දුන්නා. .
අනිත් අය අර අවුරුදු දෙකහමාරක් තිස්සේ නෙමෙයි කාලාන්තරයක් තිස්සේ රාජ්‍ය සේවකයෝ පාරට බැහැලා, ගුරුවරු පාරට බැහැලා, මත හදලා විරුද්ධ මත හදලා, ගම් වල විවිධ විවිධ වෛරය හදලා, තරුණ තරුණියන්ට මහා ලොකු බලාපොරොත්තු දීපු අයට ඡන්දය දුන්න 42% ක් . එහෙම කරලා සුළුතර ජනාධිපතිවරයෙක් හැදුවා. ලක්ෂ 120 අනුර කුමාර මහත්තයාට චන්දෙ දීලා නැ. දන් මොකද වෙන්නේ. ණය ගන්නවා. මේ දවස්වක ණය ගැනීමේ වේගය පැයට කෝටි 3000. රජය ගන්න ණය කෝටි 60,000 අරගෙන තියනවා. මේ ණය ගන්නේ බැඳුම්කර විකුණලා . හැබැයි අපි රට බංකොලොත් වෙච්ච කලේ අපේ ආණ්ඩුව කළේ ණය කපා හැරිය එක විතරයි. ණය ගන්නෙ නෑ කියපු අය බලයට ආපු ගමන් දැන් ගන්නවා ණය. මේ අය හරිම උජාරුවෙන් ණය ගන්නේ. අර ලෝක බැංකුවේ නිලධාරියෙක් එක්ක ණයක් ගන්න ගිවිසුමක් අත්සන ගහලා හරිම ආඩම්බරයෙන් ඉන්නවා අතට අත දෙනවා. ජාතික ජන බලවේගයෙ විධයක සාභාවේ චතුරංග අබේසිංහ කියනවා ලෝකයේ රටවල්වලින් දෙන ණය ගත්තේ නැත්තං අපි කැපෙයි කියලා. ඔන්න දැන් වැටිල ඉන්න තැන.
මේ අය කියලා ආපු එක නොවේ දැන් කියන්නේ. බදු අඩුකරන්නෙ කවදාද කියලා ඇහුවාම කියනවා ඡන්දයෙන් පස්සේ කියලා. වැට් අඩුකරන්නේ කවදාද චන්දයෙන් පස්සෙ කියනවා. පඩි වැඩි කරන්නේ කවදාද ඡන්දයෙන් පස්සෙ කියනවා. සමාජ මාධ්‍යවල අය නම් කියනවා පොඩ්ඩක් ඉවසන්නකෝ කියලා . හැබැයි බලයට ආවේ එහෙම කියලා නොවේ. ආහාරවලටත් බදු ගහනවා කියලා කට උල් කරලා කියපු අය උම්බලහඩ කිලෝ එකට රුපියල් 320 ක බද්දක් ගැහුවා. ඒ විතරක් නොවේ රතු පරිප්පු වලට බදු ගැහුවා, කහ පරිප්පු වලට
බදු ගැහුවා. සැමන්ටින් එකට ගැහුවා. අද කෝරා හාල් නෑ . බිත්තරය දැන් 60 යි. කෝ ගත්ත කොමිස් . බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕන . බොරුම කියලා දන් ඒ බොරුව එක්කම විනාශ වෙලා යනවා. මිනිස්සුන්ට ඇත්ත කියන්න තිබුනා රටේ තත්ත්වය මේකයි කියලා.
ඇත්ත කීවානම් මිනිසු ඡන්දේ දෙන්නෙ නැ. මොකද රනිල් වික්‍රමසිංහ මහත්තයා කරන දේ කරන්න තව කවුරුත් ඕන නෑ. රනිල් කරපු දේම මේ අය කරනව ඊට වඩා ණය ගනිමිම් . අයි එම් එෆ් ගිවිසුම කැන්සල් කරනවා කීවා. අපිට ඕන විදියට සංශෝධනය කරනවා කීවා. ආපු ගමන් ''හේයි'' කියලා ඒකත් එක්කම යනවා. දැන් උගන්ඩාවෙ සල්ලි ගේන්නේ නැ කියනව. උගන්ඩාවෙ සල්ලි යව්වා කීවේ බොරුවට කියලා කියනවා. ඉස්සරහදී කියයි අනිත් ඒවත් කීවේ බොරුවට කියලා. ඕවා අපි කීවා. උමා ඔයේ හිලක් කීවා. පෝර්ට් සිටිය හඳන්න සීගිරි ගලත් කඩන්න වෙයි කිවා. අධීවේග මාර්ගය ගැන බොරු කීවා. ඒත් අපි මේ බොරු තේරුම් කරලා දුන්නා. ඒත් මේ අය ජනතාවගේ සිත් ඇතුලේ වෛරය හදලා, බොරු කියලා රටම රැවැට්ටුවා. ජනතාව ඒ බොරු විශ්වාස කළා .
මතක තියාගන්න රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාගේ පාලන කාලයේ අන්තිම මාස අටේ රටේ ආදායම වැඩි වුනා . 2023 ට සාපේක්ෂව 2024 පළමු මාස 8 ආදායම 40% කින් වැඩි කරලා දුන්නා. දැන් ඒ වාර්ථාව ආවාම මේ අය කියනව්වා කොහොමද මාසෙන් කරපු දේ කියලා. මාසෙන් කළේ ඕක නෙවෙයි. දිගට හරහට ණය ගත්ත එක. අපි මේ රට ගොඩ නැගුවා. රට ආයි බංකොළොත් වෙන්න දෙන්න බෑ. ආයි තෙල් පෝළිම්, ගෑස් පෝළිම් ඇතිවෙන්න බෑ. අපි පාර්ලිමෙන්තුවෙදී රට වෙනුවෙන් අපෙ වගකීම ඉටුකරන්න සූදනමින් ඉන්නවා .
රට රස්සා ගැන කථා කරද්දී චෝදනා කරනවා. අපි ප්‍රසිද්ධියේ අභියෝග කරනවා ඔප්පු කරන්න කියලා කාගෙන් හරි නීති විරෝධීව සල්ලි ගත්තානම් . රට යවපු අයගෙන් අය කලේ රජයේ ගාස්තු විතරයි. ඒකටත් ණයක් දුන්නා. සමහර අය කියනව ගාල්ලේන් තමයි වැඩියෙන් යවලා තියෙන්නේ කියලා. ඔව්, ගාල්ලෙ මන්ත්‍රී හැටියට මම ගාල්ලේ මිනිස්සුන් ගැන බලන්න ඕන. ඒ අය තමයි මට ඡන්දේ දුන්නේ. 10,000 යනකොට 20,00 ගාල්ලෙන් ගියා.
දැන් සමහරු ජනධිපති ලේකම් කාර්යාල ඉදිටියට ගිහින් කියනව අපිට යන්න උනේ නෑ . අපි මෙඩිකල් කළා කියලා. ඊශ්‍රායලයට යවන්නේ ඒ රටේ ඇනවුම අනුව. කෘෂිකර්ම, ඉදිකිරීම් වගේ විවිධ ක්ෂේස්ත්‍රවලට යවනවා. හෙට අනිද්දාට එහේ සීසන් එක පටන් ගත්තාම තව කටටියට යන්න පුළුවන්. ජනධිපති අනුර කුමාර දිසානායකට බෑ කාවවත් කලින් යවන්න. අපි සිස්ස්ටම් එකක් හදලා තියනවා. ඒ සිස්ටම් එකට අනුව වැඩේ වෙනවා. අපි සතුටු වෙනවා ලක්ෂ දහය දොළහා පඩි ගන්න පුලුවන් ක්‍රමයක් හැදුවා අපේ තරුණ තරුණියන්ට . ඒ අය හොඳින් ඉන්නවා. ගෙවල් දොරවල් හදනවා. මම නම් හරිම සතුටියි ඒ ගැන .
මේ අතරේ හොරු බෝවෙනවා. කළින් යවන්නම්, ලිස්ට් එකට නම දානන්ම් කියලා කියන අය ඉන්නවා. අපි හැමදාමත් කියනවා. මේ කාටවත් අහු වෙන්න එපා කියල . ඒත් අර ගම්වල පිරමීඩ් වංචාවන්ට අහු වෙනවා වගේම මේ වංචාකාරයන්ටත් අහු වෙනවා. ඒක වලක්වාගන්න එක එක අයගේ නම් කිය කියනව. අපේ නමක් උනත් කවුරු හරි කියනවානම් පොලිසියට පැමිණිළි කරන්න.