රනිල්ගේ පළමු ඇමතුම සජිත්ට..?

" ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්වලට ගොඩක් ස්තුතියි " " සර් මේ ක්‍රියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේ නැහැ. ඉදිරියටම ගෙනියනවා " (අචින්ත මධුර) එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල්…
" ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්වලට ගොඩක් ස්තුතියි "
" සර් මේ ක්‍රියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේ නැහැ. ඉදිරියටම ගෙනියනවා "
(අචින්ත මධුර)
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපති වරයා ඇප ලැබීමෙන් පසුව ජාතික රෝහලේ සිට මුලින්ම සමගි ජන බලවේගයේ නායක,විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට දුරකථනයෙන් කතා කර ඇති බව වාර්තා වේ.
" ඔබ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයන් මා වෙනුවෙන් ගත් ක්‍රියාමාර්වලට ගොඩක් ස්තුතියි "රනිල් සජිත්ට ප්‍රකාශ කර ඇත.
'සර් මේ ක්‍රියා මාර්ගය මම මෙතනින් නතර කරන්නේ නැහැ. ඉදිරියටම ගෙනියනවා" යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කර තිබෙන බවද එම ආරංචි මාර්ග සඳහන් කර තිබේ.
එහිදී තව දුරටත් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ "මට දවස් කිහිපයක් රෝහලේ ප්‍රතිකාර ගන්න වෙනවා. ඊට පස්සේ මම ඇවිත් ඔක්කොම නායකයින් හමු වෙන්නම්" යනුවෙන් බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.