රනිල්ගේ නිදහස වෙනුවෙන් ජාත්‍යන්තරයත් පෙරට..!

නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය X ගිණුම් සටහනක් තබමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහා නිදහස් කරන්න යැයි ඉල්ලීමක් සිදු කර තිබේ. එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, හිටපු…
නෝර්වේ ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් සිය X ගිණුම් සටහනක් තබමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහා නිදහස් කරන්න යැයි ඉල්ලීමක් සිදු කර තිබේ.
එම නිවේදනයේ සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ය.
එමෙන් ම, 2022 දී ශ්‍රී ලංකාව ආර්ථික හා දේශපාලන ව්‍යසනය අවස්ථාවේදී ශ්‍රී ලංකාව බේරා ගැනීමට නැගී සිටි නායකයා ඔහු වන බවත් ඔහුට එරෙහි චෝදනාවලට කිසිදු පදනමක් නොමැති බවත් එරික් සෝල්හයිම් සඳහන් කර ඇත.
ශ්‍රී ලංකා රජයේ දූෂණයට එරෙහි ව්‍යාපාරයට තමා පූර්ණ සහයෝගය ලබා දෙන නමුත් කරුණාකර සැබෑ ගැටලු කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඔහු වැඩිදුරටත් සිය X සටහනේ සඳහන් කර තිබේ.