අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ගේ නායකත්වය සජිත් පිළි ගනී..!

රනිල්ගේ නායකත්වය සජිත් පිළි ගනී..!

කරූට එදා තිබූ හයිය සජිත්ට අද නොමැතිවීම ගැන ප්‍රශ්න කෙරේ..! “සජිත් පිළි ගන්නවා නම් අපි පළි ගන්නේ ඇයි” (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් නොවෙමින් එම පක්ෂයේ…

කරූට එදා තිබූ හයිය සජිත්ට අද නොමැතිවීම ගැන ප්‍රශ්න කෙරේ..!

“සජිත් පිළි ගන්නවා නම් අපි පළි ගන්නේ ඇයි”

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් නොවෙමින් එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පැවති එම පක්ෂයේ දේශපාලන මණ්ඩල රැස්වීමේදී  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගනිමින් තහවුරු කර තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී  එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණයෙන් යුතුව කියා සිටියේ සිය  නියෝජ්‍ය නායක ධුරය සඳහා ඕනෑම අවස්ථාවක ඡන්දයකට මුහුණ දීමට තමා සුදානම් බවය.

ඔහු මේ බව කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය්යේ යාව ජීව නායකත්වයක් හෝ යාව ජීව නියෝජ්‍ය නායකත්වයක් හෝ යාව ජීව උප නායකත්වයක් තිබිය නොහැකි යැයි ද එම තනතුරු සඳහා නායකයින් ඡන්දයෙන් තෝරා පත් කර ගත යුතු යැයි ද යනුවෙන් විදුලි බල සහ පුනර්ජනනීය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා දේශපාලන මණ්ඩලයේදී දැඩි ලෙස යෝජනා කර සිටි අවස්ථාවේදීය.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය සඳහා තරඟයක් ඇති කර ඊට ඉදිරිපත් වීමට අවශ්‍ය පසුබිම සකස් කරද්දී, සජිත් ප්‍රේමදාස මහතා මෙසේ  නායකත්වයට අභියෝග නොකර සිය නියෝජ්‍ය නායකකමට පමණක් තරඟ කරන බව පැවසීමෙන් පැහැදිළි වන්නේ ඔහු රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය පිළිගන්නා අතරම, පරාජයට පත් වුණා හෝ ජයග්‍රහණය කළා හෝ වේවා ඕනෑම තීරණයකට ඔට්ටුයි කියා කරු ජයසූරිය මහතා එදා කළා  වගේ  නායකත්වයට තරඟයක් ලබා දීමට තරම් හයියක් ඔහුට නොමැති බව යැයි දේශපාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු “lankanewswweek” සමග පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාත් රනිල් වික්‍රමසිංහ මහතගේ නායකත්වය පිළිගන්නවා නම් පාක්ෂිකයින් සහ අප නොපිළිගන්නේ කුමකට දැයි ප්‍රශ්න කළ ඔහු අවුරුදු ගණනාවක් මුළුල්ලේ සජිත් ප්‍රේමදාස ක්‍රියා කළේ මේ උත්තරය අවසානයේදී දීමට නම් කියන්න තිබෙන්නේ “ගහපු පදයකුත් නැහැ බෙරේ පාළුවකුත් නැහැ” කියන කතාව යැයි පෙන්වා දුන් එම ප්‍රකාශකයා එසේ නම් නායකත්වයට අභියෝග කරමින් මේ අයට පාක්ෂිකයින් මුලා කර එක්සත් ජාතික පක්ෂය විනාශ නොකර සිටීමට තිබුණා යැයි ද අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ගේ නායකත්වය සජිත් පිළි ගනී..! | Lanka Newsweek