අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ගේ දේශපාලන පන්නරය ගැන නවීන් කිව්ව කතාව

රනිල්ගේ දේශපාලන පන්නරය ගැන නවීන් කිව්ව කතාව

මේ තියෙන්නේ රනිල් තනියම ගහන "Game" එකක් ජනපතිගේ පළමු යුතුකම ජනතාවගේ කුස ගින්න නිවීමයි එජාපය මැතිවරණවලට බිය නැහැ කිසිම මැතිවරණයක් පවත් වන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක කියන්නේ නැතැයි එම…

මේ තියෙන්නේ රනිල් තනියම ගහන "Game" එකක්

ජනපතිගේ පළමු යුතුකම ජනතාවගේ කුස ගින්න නිවීමයි 

එජාපය මැතිවරණවලට බිය නැහැ 


කිසිම මැතිවරණයක් පවත් වන්න එපා යැයි එක්සත් ජාතික පක්ෂය කිසි විටෙක කියන්නේ නැතැයි එම පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක සහ හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා කියා සිටියි.

නමුත් ජනාධිපතිවරයාගේ පළමු යුතුකම වන්නේ ජනතාවගේ කුස ගින්න නිවීම බව පෙන්වා දෙන නවීන් දිසානායක මහතා රට ස්ථාවර කිරීම සඳහා ජනාධිපතිවරයාට තව මාස හයක්වත්  දිය යුතු යැයිද ඊට පසුව ඕනෑම මැතිවරණයකට යා හැකි යැයිද අවධාරණය කර සිටියි.

අද තියෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය දේශපාලන පන්නරයෙන් තනියම ගහන "Game" එකක් යැයි ද, ප්‍රශ්න ගොඩක් තිබුණත් මාස හයකට පෙර තිබූ තත්ත්වයට වඩා රට හොඳ තැනකට පැමිණ තිබෙන්නේ යැයි ද නවීන් දිසානායක මහතා පෙන්වා දෙයි.

මේ වන විට රටේ නිල විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන දෙකකට පැමිණ තිබෙන අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාර ගන්නා විට විදේශ සංචිත තිබුණේ ඍණ  මට්ටමක බවද නවීන් දිසානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ගේ දේශපාලන පන්නරය ගැන නවීන් කිව්ව කතාව | Lanka Newsweek