අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ගේ තීන්දුවට එරෙහිව ජෝන් සජබයට..?

රනිල්ගේ තීන්දුවට එරෙහිව ජෝන් සජබයට..?

''එජාප දේශපාලනයෙන් සමු ගන්නවා'' ''පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන සම්ප්‍රදායක් එජාපයේ නැහැ'' ''සජබයේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ-ඉදිරියේ දී බලමු'' ''මම කවදාවත් පැරදිලා නැහැ'' රනිල්ගේ…

''එජාප දේශපාලනයෙන් සමු ගන්නවා''

''පැරදුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන සම්ප්‍රදායක් එජාපයේ නැහැ''

''සජබයේ ආරාධනය ප්‍රතික්ෂේප කරන්නේ නැහැ-ඉදිරියේ දී බලමු''

''මම කවදාවත් පැරදිලා නැහැ''

රනිල්ගේ පාර්ලිමේන්තු ආගමනයට අභියෝග කරන එජාපයේ එකම ජ්‍යෙෂ්ඨයා..!

(සුජිත් මංගල ද සිල්වා)

එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දේශපාලන කටයුත්තකට ඉදිරියේ දී සම්බන්ධ නොවන අතර එම සියලු වැඩ කටයුතු, වගකීම් සහ කාර්ය භාරයන්වලින් සමු ගන්නා බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨතම නායකයෙක් වන ජෝන් අමරතුංග මහතා ''lankanewsweek'' වෙත විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් පැවැසීය. 

තාමාට දුන් පොරොන්දුව සුපුරුදු පරිදිම කඩ කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීන්දුව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් ''lankanewsweek'' සමඟ මේ බව පැවැසූ ජෝන් අමරතුංග මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියේය.

''එක්සත් ජාතික පක්ෂයේ කිසිදු දේශපාලන කටයුත්තකට ඉදිරියේ දී සම්බන්ධ වන්නේ නැහැ. ඒ සියලු වැඩ කටයුතු, වගකීම් සහ කාර්ය භාරයන්වලින් සමු ගෙන නිදහසේ කාලය ගෙවනවා. රනිල් වික්‍රමසිංහ මහතා හැමදාම කියා සිටියේ පොරොන්දු වූ පරිදි සහ ඇති කර ගෙන සිටී එකඟතාවය මත ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය මට ලබා දෙනවා කියලයි. එහෙත් එහෙම වුණේ නැහැ. පරාජයට පත් වුණු අය ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යාම ගැන මීට වඩා ඒ අය හිතන්න තිබුණා.

දැන්වීම

විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන එම කණ්ඩායම මට නිතරම ආරාධනා කරනවා ඒ අය එක්ක එකතු වෙන්න කියලා. ඒ ආරාධනය මම ප්‍රතික්ෂේප කරලා නැහැ. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතුවකුත් නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී තීරණයක් ගන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු වශයෙන් මගේ වටිනාකම ඒ අයට දනී තිබෙනවා. 

මම කවදාවත් මැතිවරණයකින් පැරදිලා නැහැ. 2020 මහා මැතිවරණයට තරඟ නොකර මම ජාතික ලැයිස්තුවට ආවේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ ඉල්ලීම සහ ආරාධනය මතයි. පරාජයට පත් වූ පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු යන සම්ප්‍රදායක් එක්සත් ජාතික පක්ෂයේ ඇත්තේ නැහැ.''   

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ගේ තීන්දුවට එරෙහිව ජෝන් සජබයට..? | Lanka Newsweek