අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රනිල්ගේ කුරුදු පොලු හමුදාව ඔහුටම එරෙහිව යුද වදියි..?

"සිරිකොතයි" - "පස්වැනි පටු මගයි" වැටලීමට රහස් කතා (උපුල් බණ්ඩාර) රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව "සිරිකොත" පක්ෂ මුලස්ථානය වටලා දැඩි විරෝධතාවයක් දැක්වීමට එම පක්ෂයේම "කුරුදු පොලු" හමුදාව ලෙස…

"සිරිකොතයි" - "පස්වැනි පටු මගයි" වැටලීමට රහස් කතා

(උපුල් බණ්ඩාර)

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයට එරෙහිව "සිරිකොත" පක්ෂ මුලස්ථානය වටලා දැඩි විරෝධතාවයක් දැක්වීමට එම පක්ෂයේම "කුරුදු පොලු" හමුදාව ලෙස විරෝදාවලිය ලත් කණ්ඩායම සැරසෙමින් සිටිති.

"සිරිකොත" එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වගේම කොළඹ පස් වැනි පටුමගේ පිහිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ද වටලා දැඩි උද්ගෝෂණයක් කළ යුතු අකාරය සහ ඊට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන් මේ "කුරුදු පොලු" හමුදාවේ කණ්ඩායමක් මේ වන විට කොළඹ විවිධ ස්ථානයන් හි රැස් වී රහස් සකච්ඡා කරමින් සිටින බව "lankanewsweek" වෙත හෙළිදරව් වී තිබේ.

මේ "කුරුදු පොලු" හමුදාවේ ස්ථාවරය වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී වඩාත්ම සුදුස්සෙකුට එම තනතුර භාර දීමට ක්‍රියා කළ යුතු බවය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ඉල්ලමින් 2013 දී රනිල් වික්‍රමසිංහට මහතාට එරෙහිව සජිත් ප්‍රේමදාස පාර්ශවය ආරම්භ කළ පෙළපාළියට පහර දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මේ "කුරුදු පොලු" හමුදාව ගොඩ නැගුවේ මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර සහ එවකට රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික ලේකම්වරයාව සිටි සුදත් චන්ද්‍රසේකර යන මහත්වරුන් විසිනි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රනිල්ගේ කුරුදු පොලු හමුදාව ඔහුටම එරෙහිව යුද වදියි..? | Lanka Newsweek