රනිල්ගේ ආරක්ෂාව ඉවතට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

අරලිය මැඳුරේ පරිපාලනය අඩපන වෙලා ..! ගෝඨා ආරක්ෂා කළ සාගලට ගෝඨාට කියා රනිල් ආරක්ෂා කරන්න බැරි ඇයි ..? (සුජිත් මංගල ද සිල්වා) වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල්…
අරලිය මැඳුරේ පරිපාලනය අඩපන වෙලා ..!
ගෝඨා ආරක්ෂා කළ සාගලට ගෝඨාට කියා රනිල් ආරක්ෂා කරන්න බැරි ඇයි ..?
(සුජිත් මංගල ද සිල්වා)
වහාම ක්‍රියාත්මක වන පරිදි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයින් සංඛ්‍යාව දසදෙනෙකු දක්වා අඩුකර තිබේ.
ඊට අමතරව අරලියගහ මැදුරේ මෙහෙයුම් සහ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි නාවික හමුදා කණ්ඩායම වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ නාවික හමුදා මුලස්ථානයට කැඳවනු ලැබ තිබේ.එමෙන්ම අරලියගහ මැඳුරේ රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් ඇතුළු සියලු සේවක සේවිකාවන්ට අද (29) සිට ස්ථාන මාරු වීම ලබා දීමට නියමිත අතර මේ අනුව අරලිය ගහ මැඳුරේ පරිපාලන කටයුතු ඇතුලු සියලු වැඩ කටයුතු අඩපන වනු ඇතැයි එහි ජේෂ්ඨ ප්‍රක්ෂකයෙක් "lankanewsweek" සමඟ පැවසිය.
මේ සියලු තීන්දු තීරණ ක්‍රියාත්මක වී ඇත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව බවද එම ජේෂ්ඨ ප්‍රකාශකයා සඳහන් කළේය.
නිතිය සහ සාමය පිළිබඳව අමාත්‍යවරයාව සිටියදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානි ගාමිණී සෙනරත් මහතාට උපරිම රැකවරණය සහ ආරක්ෂාව ලබා දුන් සාගල රත්නායක මහතාට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු එම සහෝදර සමාගමට කතාකර සිය නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව තහවුරු කර ගන්න නොහැකි මන්දැයි එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරයෙක් "lankanewsweek" සමග අදහස් දක්වමින් විමසා සිටියේ ය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1