රනිල්ගෙන් පසු රටටත් එජාපයටත් නවීන් හැර විකල්පයක් නැහැ

නවීන් දෙවැනි වන්නේ රනිල්ට විතරයි තරුණ තරුණියන් විශ්වාස කරන්නේ නවීන් විතරයි සරසවි සිසු සිසුවියෝ අවධාරණය කර සිටිති ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු ගත්තාට…
නවීන් දෙවැනි වන්නේ රනිල්ට විතරයි
තරුණ තරුණියන් විශ්වාස කරන්නේ නවීන් විතරයි
සරසවි සිසු සිසුවියෝ අවධාරණය කර සිටිති

ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයෙන් සමු ගත්තාට පසුව එම පක්ෂයේ සහ රටේ නායකත්වයට වඩාත්ම සුදුස්සා වන්නේ නවීන් දිසානායක මහතා යැයි විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ අවධාරණය කර සිටිති.
රටේ සහ එක්සත් ජාතික පක්ෂයේ අනාගතය සම්බන්ධයෙන් "lankanewsweek" සමග අදහස් දක්වමින් මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකා තාක්ෂණික විශ්ව විද්‍යාලයේ හේෂාන් සම්පත් තිලකරත්න, ඇන්ටනී අගාෂ් වාස්, ගීත් තාරුක මුණසිංහ, ශ්‍රී ලංකා ගණකාධිකරණ ආයතනයේ, එරන්දි අනුරාධා සුභසිංහ, අකිලා ශේහාරි දුලාන්ජලී, ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ අචින්ත මදුර සමරසිංහ, සමිත් ඉසුරංග, ලුම්බිණී ප්‍රමෝධ්‍යා, නිලන්ති මානෙල්, සහ හේමන්ත තුෂිත කුමාර යන විශ්ව විද්‍යාල තරුණ තරුණියන් වන අතර එහිදී ඔවුහූ මෙසේ ද කියා සිටියේය.
දැන්වීම
"කන්ද උඩරට සිංහල බෞද්ධ නායකයෙකු වන නවීන් දිසානායක මහතා සුළු ජාතීන්ගේ ද ගෞරවයට සහ විශ්වාසයට පාත්‍ර වී සිටින ගෝලීය දේශපාලන නායකයෙකු බව කිව යුතුයි. දේශපාලන පරිචය, පළපුරුද්ද, අත්දැකීම් සහ දේශපාලන උපාය උපක්‍රම සම්බධයෙන් ඔහු දෙවැනි වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට විතරයි.
රටේත් එක්සත් ජාතික පක්ෂයේත් තරුණ තරුණියන්ගේ ද, ස්වාධීන පා වෙන ඡන්ද දායකයින්ගේ ද ආකර්ෂණය, විශ්වාසය සහ ගෞරවය දිනා ගෙන සිටින නවීන් දිසානායක මහතා නීතීඥයෙකු සහ බැරිස්ටර්වරයෙකු වන අතර මුල්‍ය සහ මුල්‍ය නීතිය සම්බන්ධයෙන් ශාස්ත්‍රපති උපාධිධාරියෙකු ද වනවා.
සියලු ජාතීන් සහ ආගමිකයින් එකට ඒකරාශී කළ හැකි නවීන් දිසානායක මහතා වැනි දේශපාලන පරිචය, පළපුරුද්ද, අත්දැකීම්, හැකියාවන්, දක්ෂතාවයන් සහ දේශපාලන උපාය උපක්‍රම තිබෙන පුද්ගලයින් ඉදිරියට ගෙන රට-ජාතිය වෙනුවෙන් ඔවුන්ගේ දේශපාලන අනාගතය තහවුරු කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වගකීම සහ යුතුකම වන අවධාරණයෙන් කියා සිටිනවා.
අනාගත එක්සත් ජාතික පක්ෂ නායකත්වය තමා අපේක්ෂා කරන බව නවීන් දිසානායක මහතා මේ වන විටත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් තරුණ නායකයෙකු ලෙස නවීන් දිසානායක මහතාට අප අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා."
