අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රන්ජන්ගේ ජීවිතය අනතුරේ

රන්ජන්ගේ ජීවිතය අනතුරේ

ජනපති-අගමැති-කතා නායක අවධානය යොමු කළ යුතුයි රන්ජන් රාමනායක වහාම පාර්ලිමේන්තු කැඳ වනු අරගලය දිගටම (සුජිත් මංගල ද සිල්වා) අධිකරණයට අපහස කිරීමේ වරදට සිර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය බරපතළ…

ජනපති-අගමැති-කතා නායක අවධානය යොමු කළ යුතුයි 

රන්ජන් රාමනායක වහාම පාර්ලිමේන්තු කැඳ වනු 

අරගලය දිගටම 

රන්ජන්ගේ ජීවිතය අනතුරේ

(සුජිත් මංගල ද සිල්වා) 

අධිකරණයට අපහස කිරීමේ වරදට සිර ගතව සිටින රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය බරපතළ අවදානමකට ලක්ව ඇතැයි විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළි කර සිටියි.

දැන්වීම

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන ආණ්ඩුව ද, කතා නායකවරයා ද මේ සම්බන්ධයෙන් වහාම සිය අවධානය යොමු කළ යුතු බව ද විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවැසුවේ, සඳුදා (22) උදෑසන අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයට ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය සිනමා නළු රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් සහ අවශ්‍යතා විමසා බැලීමෙන් පසුව ජනමාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී රටේ පවතින නීති තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, රන්ජන් රාමනායක මහතා වහාම  පාර්ලිමේන්තුවට කැඳ වීමට කතා නායකවරයා පියවර ගත යුතු බවය.

සිර ගෙදර ඇතුළත රන්ජන් රාමනායක මහතාගේ ජීවිතය බරපතළ සහ දැඩි අවදානමකට ලක්ව ඇති බව තරයේ කියා සිටී සජිත් ප්‍රේමදාස මහතා රන්ජන් රාමනායක මහතා වෙනුවෙන් සමගි ජන බලවේගය අඛණ්ඩවම පෙනී සිටිමින් සටන් කරන බව ද අවධාරණය කළේය.      

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රන්ජන්ගේ ජීවිතය අනතුරේ | Lanka Newsweek