රදළ වාදයට එරෙහිව වජිරත් සටන අරඹයි

ජනපති නීතීඥ තිලක්ගේ පූර්ණ සහය වජිරට නායකත්ව ප්‍රචාරක ව්‍යාපාරය වේගවත් කරයි එජාප නායකත්වය සාමාන්‍ය පවුලකට ඕනෑ (සුජිත් මංගල ද සිල්වා) එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ලබා ගැනීම සඳහා තරඟයට පිවිස සිටින එම…
ජනපති නීතීඥ තිලක්ගේ පූර්ණ සහය වජිරට
නායකත්ව ප්‍රචාරක ව්‍යාපාරය වේගවත් කරයි
එජාප නායකත්වය සාමාන්‍ය පවුලකට ඕනෑ
(සුජිත් මංගල ද සිල්වා)
එක්සත් ජාතික පක්ෂයයේ නායකත්වය ලබා ගැනීම සඳහා තරඟයට පිවිස සිටින එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතා මේ වන විට සිය නායකත්ව ප්‍රචාරක ව්‍යාපාරය වේගවත් කර තිබේ.
වජිර අබේවර්ධන මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායමේ ස්ථාවරය වී තිබෙන්නේ මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතා ගොඩනැගු එක්සත් ජාතික පක්ෂයේ උරුමය තිබෙන්නේ සාමාන්‍ය පොදු ජනයාට විනා වලව්කාර රදළ පවුල්වලය පමණක් නොවන බවය.
තිස් අට වසරක දේශපාලන අත්දැකීම් ඇති තමාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර දෙන්නේ නම්, ඇද වැටී තිබෙන පක්ෂය යළි ගොඩගන්නා ජයග්‍රහණය කරා මෙහෙය වන බව ද, තමා සාමාන්‍ය පවුලක උපත ලබා ඉදිරියට පැමිණි පුද්ගලයෙකු වන අතර තමාගේ මවත් පියාත් ගුරුවරුන් බව ද වජිර අබේවර්ධන මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් හමුවේ කරුණු දක්වමින් පෙන්වා දී ඇත.
දැන්වීම
වජිර අබේවර්ධන මහතාගේ නායකත්ව ප්‍රචාරක ව්‍යාපාරයට විශාල සහයක් ලබා දෙමින් ජනාධිපති නීතීඥ තිලක් මාරපන මහතා ද එක්සත් ජාතික පක්ෂය රදළ වාදයට යට කිරීමට දරන උත්සාහයට එරෙහිව කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයින් දැනුම්වත් කරමින් සිටියි.
මේ අතර සුප්‍රසිද්ධ සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු "lankanewsweek" සමග කියා සිටියේ වජිර අබේවර්ධන යනු ඕනෑම අභියෝගයක් භාර ගෙන ඕනෑම වැඩක් කළ හැකි සහ ඕනෑම වගකීමක් බිය සැක නොමැතිව පැවැරිය හැකි නායකයෙකු වන අතර ඔහුට සියලු පාර්ශවයන් එකට ඒකරාශී කර ගැනීමට ද හැකියාවක් තිබෙන බවය.
