රතු කුරිසය රජයේ රතු කට්ට පන්නයි..?
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2

සමාජ සුභ සාධන ඇමතිට පැමිණලි..! එජාප ප්‍රබල ඇමතීන් දෙදෙනෙකුට චෝදනා..! ශ්‍රී ලංකා රතු කුරිස සංවිධානයේ සහ එහි සභාපති ජගත් අබේසිංහ මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ සුභ සාධන සහ…
සමාජ සුභ සාධන ඇමතිට පැමිණලි..!
එජාප ප්‍රබල ඇමතීන් දෙදෙනෙකුට චෝදනා..!
ශ්‍රී ලංකා රතු කුරිස සංවිධානයේ සහ එහි සභාපති ජගත් අබේසිංහ මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ සුභ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වෙත පැමිණිලි විශාල ප්‍රමාණයක් ලැබෙමින් තිබෙන බව වාර්තා වේ.
ඒ දේශීය සහ විදේශීය වශයෙන් රතු කුරිස සංවිධානයට ලැබෙන රුපියල් කෝටි ගණන් ආධාර මුදල්වලට සාපේක්ෂව එම සංවිධානය මගින් සිදු කෙරෙන සමාජ සුභ සාධනය ප්‍රමාණවත් නොවන බවට සහ එකම නිලධාරීන් කණ්ඩායමක් දීර්ඝ කාලයක් මුළුල්ලේ එම සංවිධානයේ බලය අල්ලා ගෙන සිටින බවට චෝදනා එල්ල කරමිනි.
විශේෂ සහ පුළුල් විමර්ශනයක් මගින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා රතු කුරිස සංවිධානයට ලැබෙන දේශීය සහ විදේශීය ආධාර මුදල් දැනට වඩා වැඩිපුර සමාජ සුභ සාධනය සඳහා යෙදවීමට ක්‍රියා කරන අතර පොදුවේ සියලු දෙනාටම වරින් වර එම සංවිධානයේ නිලධාරී මණ්ඩලයට තේරී පත් විය හැකි සාධාරණ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට එම පැමිණිලි මගින් සමාජ සුභ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගෙන් ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා රතු කුරිස සංවිධානයේ සහ එහි සභාපති ජගත් අබේසිංහ මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් සමාජ සුභ සාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා වෙත මේ පැමිණිලි ඉදිරිපත් කර තිබෙන්නේ ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරුන්,සිවිල් සංවිධාන,සර්වාගමික නායකයින් සහ එම සංවිධානයෙන් සුභ සාධනය ලබන පිරිසක් ඇතුළු ජනයා විසිනි.
එදා සිට මේ දක්වා රතු කුරිස සංවිධානයට මුල්‍ය චෝදනා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති අතර ජගත් අබේසිංහ මහතාගේ සභාපතිත්වය යටතේ එම සංවිධානයට ඉතිහාසයේ එල්ල වූ බරපතළම චෝදනාව වන්නේ ජාත්‍යන්තරව පිළි ගත් ස්වේච්ඡා සංවිධානයක් ලෙස සවාධීනත්වය,අපක්ෂපාතී භාවය,දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරවීම,ප්රජාතන්ත්රවාදය,නීතිය,සහ සාමය ඇතුළු ලොව පිළි ගත් යහ පාලන මූලධර්ම ඇතුළු සිය සීමා මායිම් ඉක්මවා එවකට පැවති මහින්ද රාජපක්ෂ පාලනයට විවිධ අයුරින් උදව් උපකාර සහ අනුග්‍රහය දක්වමින් ද මතවාදීව සහය පළ කරමින් ද සංවිධානය දේශපාලනීකරණය කිරීමය.
එකම නිලධාරීන් කණ්ඩායමක් රතු කුරිස සංවිධානයේ බලය මෙසේ කාලයක් මුළුල්ලේ අල්ලා ගෙන සිටින්නේ මහින්ද රාජපක්ෂ රජයේ එම දේශපාලන හයිය සහ බලය යෙදවීමෙන් බවට ද එවකට චෝදනා එල්ල වෙමින් පැවතිණ.
දකුණු පළාත සහ බස්නාහිර පළාත නියෝජනය කරන වත්මන් රජයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකු මහින්ද රාජපක්ෂ පාලන සමයේ සිටම මේ ක්‍රියාදාමයට සහය පළ කරමින් ජගත් අබේසිංහ මහතා ප්‍රධාන නිලධාරී මණ්ඩලය හරහා රතු කුරිස සංවිධානය සිය දේශාපලන අවශ්‍යතා,වාසි සහ න්‍යාය පත්‍රය වෙනුවෙන් මෙහෙය වමින් සිටින බවට ද චෝදනා එල්ල වෙමින් පවතියි.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2