රත්න හිමියන්ගේ සහයත් නව රජයට..!
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1

රටේ පැවති තත්ත්වය ගැන සළකා බලා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අනුමත කරන බවත්, තමා ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික…
රටේ පැවති තත්ත්වය ගැන සළකා බලා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අනුමත කරන බවත්, තමා ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.
උන්වහන්සේ මේ බව පැවසුවේ රාජගිරිය ගෝතමී පාරේ පිහිටි සදහම් සෙවණේ දී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.එමෙන්ම තමන්ට හිමි බලතල අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ පැවසුහ. ජනතාව බලාපොරොත්තු වූ වෙනස ඇති කිරීමට පැවති ජාතික රජයට නොහැකි වූ අතර ඒ හේතුවෙන් රට ආර්ථික වශයෙන් මෙන්ම බොහෝ අංශයන්ගෙන් පිරිහුණු බව ද සදහන් කළහ. තවද රටේ ඒකීය භාවයට හානිවන අයුරින් සහ බුදු දහමට හිමි ස්ථානය අහිමි වන ආකාරයේ යෝජනා ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පැවති රජයට තිබූ ජනමතය වෙනස් වීමට හේතු වූ බවද උන්වහන්සේ කීහ.
රටේ ජාතික සම්පත් විකුණමින් කටයුතු කළ පැවති රජයේ ක්‍රියා කලාපය තමන් කිසිසේත් අනුමත අනුමත නොකරන බව රතන හිමියෝ ප්‍රකාශ කළහ. ඒ අනුව බලන විට ජනාධිපතිවරයා ගත් මෙම තීරණය ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බවද උන්වහන්සේ කීහ.
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1