රත්තරන් උකස් කර කෑම ඉහළ යයි

මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය ඇතුළත දී පමණක් ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ. ප්‍රධාන…
මෙම වසරේ ගතවූ මුල් මාස 10ක කාලය ඇතුළත දී පමණක් ආර්ථික අපහසුතා හේතුවෙන් පුද්ගලයින් රුපියල් බිලියන 193 කට වැඩි වටිනාකමකින් යුත් රන් භාණ්ඩ විවිධ ආයතනවලට උකස් කර ඇති බවට අනාවරණය වී තිබේ.
ප්‍රධාන බලපත්‍රලාභී වාණිජ බැංකු ඇතුළු මූල්‍ය සමාගම් 13ක් සහ ප්‍රධාන උකස් ආයතන 10ක් සම්බන්ධ කර ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණයවූ බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.
රන් ආභරණ උකස් කර ඇති පිරිසෙන් වැඩි දෙනෙකු මධ්‍යම පාන්තිකයින් වන අතර දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු, ආහාර සහ කෘෂිකාර්මික කටයුතු ඇතුළු කාරණා සඳහා මෙම මුදල් යොදා ගෙන ඇති බවට ද අනාවරණය වු බව මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් වර්තමානයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථානවලට ජනතාව වැඩි වශයෙන් යොමුවීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව සඳහන් කරන මහාචාර්යවරයා, එම මධ්‍යස්ථානවලින් වැඩි මුදලක් ජනතාවට ලබාදීම ඊට හේතුව වී ඇති බව ද පැවසීය.