අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට වෙලා ගෙන තිබෙන අඳුර පළවා හැරීමට සියලු දෙනා එක් විය යුතුයි

රට වෙලා ගෙන තිබෙන අඳුර පළවා හැරීමට සියලු දෙනා එක් විය යුතුයි

ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළා ගෙන ඇති ඝන අඳුර පළවා හැරීම සඳහා සියලු දෙනා එක්ව සාමුහික වැඩ පිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. දීපාවලි උත්සවය…

ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළා ගෙන ඇති ඝන අඳුර පළවා හැරීම සඳහා සියලු දෙනා එක්ව සාමුහික වැඩ පිළිවෙළකට එළැඹිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දීපාවලි උත්සවය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ අඳුර පළවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණක් බවයි.

දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීමට නම් පහන් සිළුව වටා සියලු දෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට වෙලා ගෙන තිබෙන අඳුර පළවා හැරීමට සියලු දෙනා එක් විය යුතුයි | Lanka Newsweek