අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට වෙනුවෙන් ජාත්‍යන්තර මෙහෙයුමකට බෝගොල්ලාගම යළි සූදානම්

රට වෙනුවෙන් ජාත්‍යන්තර මෙහෙයුමකට බෝගොල්ලාගම යළි සූදානම්

කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා…

කුරිරු එල්ටීටීඊ ත්‍රස්ත්‍රවාදය අවසන් කිරීම සඳහා රට වෙනුවෙන් ජාත්‍යන්තරයේ සහයෝගය සහ ආශීර්වාදය දිනා ගැනීමේ යුද්ධය මෙහෙයවූ හිටපු විදේශ කටයුතු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා මහා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර සහ ජාතික දේශපාලන ඉලක්ක රැසක් සපුරා ගැනීමේ අරමුණෙනි. 

ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව යටතේ සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය යටතේ ද ප්‍රබල කැබිනට් ඇමති ධූර දැරූ රෝහිත බෝගොල්ලාගම මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ යහපාලන රජයය යටතේ නැගෙනහිර ආණ්ඩුකාර ධූරය ද හෙබ වී ය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ රට ගොඩනගන ජාත්‍යන්තර මෙහෙයුමට මේ වන විට උර දී සිටින රෝහිත බෝගොල්ලාගම මහතා "lankanewsweek" සමග පැවසුවේ, රට ලෝකයට ගෙන යමින් සංවර්ධනය කර ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරවා එක්සත් ජාතියක් ගොඩනැගිය හැකි එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවය. 

සියලු ජාතීන්ට සහ සියලු ආගමිකයින්ට එක්සත්ව එකට එක්ව ජිවත් විය හැක්කේ රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පෙරමුණ යටතේ පමණක් බව පෙන්වා දුන් රෝහිත් බෝගොල්ලාගම මහතා රටේ උද්ගත වි තිබෙන දේශපාලන, සමාජ සහ සංස්කෘතික වාතාවරණය යටතේ වගේ ම ජනතාවගේ අවශ්‍යතා අනුව රටට-ජනතාවට රනිල් වික්‍රමසිංහ මහතා හැර විකල්පයක් නොමැති බව ද අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට වෙනුවෙන් ජාත්‍යන්තර මෙහෙයුමකට බෝගොල්ලාගම යළි සූදානම් | Lanka Newsweek