රට විවෘත කිරීම..!

(හේමන්ත තුසිත කුමාර) රට විවෘත කිරීම ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති නමුත් ඉදිරි දින දෙකේ දී අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. ශ්‍රි…
(හේමන්ත තුසිත කුමාර)
රට විවෘත කිරීම ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති නමුත් ඉදිරි දින දෙකේ දී අවසන් තීරණයක් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ශ්‍රි ලංකා යුද හමුදාවේ 72වන සැමරීමට සමගාමීව මහනුවර ශ්‍රි දළදා මාළිඟයේ පැවැත්වුණු වැඩසටහනකට එක්වෙමින් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එම අදහස් පළ කළේය.
එහිදී තව දුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය.
"ජනාධිපතිතුමා දින දෙකකට පෙර ලබාදුන් උපදෙස් මත උපදෙස් ලබාදීලා තියෙන්නේ රට විවෘත කරන අවස්ථාවක දී අපි මොන ආකාරයෙන් ද රට විවෘත කරලා රට පවත්වාගෙන යා යුත්තේ කියලා. ප්‍රවාහන කේෂ්ත්‍රය හා අනෙකුත් ආයතන පවත්වාගෙන යන ක්‍රමවේදය පිළිබඳ සාකච්ඡා කරලා ඒ පිළිබඳව මේ වන විටත් අදාළ අමාත්‍යාංශවලට පිළිපැදිය යුතු උපදෙස් මාලාව සකස් කර ගැනීමට දැනුම්දීලා තියෙනවා ."