අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

පුවත්

රට විවෘත කරන දිනය සෞඛ්‍ය ඇමති හෙළිදරව් කරයි

රට විවෘත කරන දිනය සෞඛ්‍ය ඇමති හෙළිදරව් කරයි

(හේමන්ත තුසිත කුමාර) යම් යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මස 01 වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා…

(හේමන්ත තුසිත කුමාර)

යම් යම් සීමාවන්ට යටත්ව ඔක්තෝබර් මස 01 වනදා සිට රට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පවසා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. 30 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී රට විවෘත කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීමට නියමිත බව ද අමාතයරවයා සඳහන් කළේ ය.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීම ද අමාත්‍යවරයා විසින් අද(25) සිදු කරනු ලැබීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න