අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට විනාශ කිරීමේ මූලික වගකීම ජවිපෙ භාර ගත යුතුයි

රට විනාශ කිරීමේ මූලික වගකීම ජවිපෙ භාර ගත යුතුයි

මාළිමා සුදු රෙද්ද පොරවා ගත්තාට සිදු කළ පාප කර්මවලින් ගැළවෙනු බැහැ -සුදත් චන්ද්‍රසේකර- මේ රට විනාශ කිරීමේ මූලික වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි "United Youth" සංවිධානයේ සභාපති සහ…

මාළිමා සුදු රෙද්ද පොරවා ගත්තාට සිදු කළ පාප කර්මවලින් ගැළවෙනු බැහැ 

-සුදත් චන්ද්‍රසේකර-

රට විනාශ කිරීමේ මූලික වගකීම ජවිපෙ භාර ගත යුතුයි

මේ රට විනාශ කිරීමේ මූලික වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි "United Youth" සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා අවධාරණය කළේය.

මාළිමව කියා සුදු රෙද්දක් පොරව ගත්තට ජනතා විමුක්ති පෙරමුණට කවදාක්වත් රටට-ජනතාවට කළ මේ මහා පාප කර්මයෙන් ගැලවීමට ඉඩක් නැතැයි ද "United Youth" සභාපති සුදත් චන්ද්‍රසේකර මහතා පෙන්වා දුන්නේය. 

දැන්වීම

"United Youth" සංවිධානයේ සභාපති සහ නිර්මාතෘ සුදත් චන්ද්‍රසේකර මහතා මේ බව කියා සිටියේ, "United Youth" මුස්ලිම් එකමුතුවේ අධ්‍යක්ෂක A.M.M Firthous මහතා විසින් එරාවුර්හී දී සංවිධානය කරනු ලැබූ තරුණ හමුවට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

"ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ රටක්. එහෙත් සෑම ජාතියක්ම එක්ව සාමයෙන් ජීවත් වුණා. අපට හොඳ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තිබුණා. නමුත් 1971 රට සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මිනී මරු තුවක්කුව සංස්කෘතියක් බිහි වුණා. රාජ්‍ය දේපොළ විනාශ කරන සංස්කෘතියක් බිහි වුණා. බැංකු මංකොල්ල කන සංස්කෘතියක් බිහි වුණා. ඉතාම බිහිසුණු වාතාවරණයක් රටේ ඇති කළා. 

ඒ සියල්ලම කළේ ජනතා විමුක්ති පෙරමුණයි. ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරමින් එල්ටීටීඊ සංවිධානය එම සංස්කෘතිය තව දුරටත් රටේ ව්‍යාප්ත කළා. මේ රට විනාශ කිරීමේ මූලික වගකීම භාර ගත යුත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. අද මාළිමව කියලා සුදු රෙද්දක් පොරව ගත්තට ජනතා විමුක්ති පෙරමුණට කවදාක්වත් රටට-ජනතාවට කළ මේ මහා පාප කර්මයෙන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නෑ."

මෙම අවස්ථාවට එක් වූ "United Youth" සංවිධානයේ ජාතික සංවිධායක සහ කලා එකමුතුවේ ලේකම් අර්ජුන කමලාත් මහතා  ප්‍රකාශ කර සිටියේ මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සෑම ආණ්ඩුවකම කොටස්කාරයන් වීමට ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කර ඇති බවයි. 

"හම්බන්තොට ප්‍රාදේශීය සභාවෙන් දේශපාලන ගමන ආරම්භ කළත් කිසිම අමාත්‍යංශයකින් හෝ ප්‍රාදේශීය සභාවකින් රටට-ජනතාවට සිදු කළ කිසිම සේවයක් නෑ. එහෙම නම් මෙවැනි කණ්ඩායමක් ගැන අප සිතා බැලිය යුතුත් නැහැ. බොරු ෆේස්බුක් සමාජ මාධ්‍යයට රැවටෙන්න එපා කියල තරුණ පරපුරෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මේ රට මේ වන විට යන මාර්ගය හරි. ඒ මාර්ගයේ ගිහිල්ල අපේ අනාගතය ගොඩනඟා ගනිමු." යනුවෙන් ද අර්ජුන කමලනාත් මහතා පැවසීය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රට විනාශ කිරීමේ මූලික වගකීම ජවිපෙ භාර ගත යුතුයි | Lanka Newsweek