අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට විනාශ කළේ පවුල් වාදී ගජ මිතුරු දේශපාලනයේ ආර්ථික ත්‍රස්තවාදයයි

රට විනාශ කළේ පවුල් වාදී ගජ මිතුරු දේශපාලනයේ ආර්ථික ත්‍රස්තවාදයයි

මේ ආර්ථික ත්‍රස්තවාදය මුළු රටම කොල්ල කෑව ඒ මංකොල්ලකරුවන් නීතිය හමුවට ගෙන එනවා කොල්ල කෑ සම්පත් ලබා ගෙන රට දියුණු කරනවා රට විනාශ වී ජනතාව අන්ත අසරණ වූයේ එක පවුලක් කේන්ද්‍ර කර ගත් ගජ මිතුරු දේශපාලනයේ…

මේ ආර්ථික ත්‍රස්තවාදය මුළු රටම කොල්ල කෑව 

ඒ මංකොල්ලකරුවන් නීතිය හමුවට ගෙන එනවා 

කොල්ල කෑ සම්පත් ලබා ගෙන රට දියුණු කරනවා 

රට විනාශ වී ජනතාව අන්ත අසරණ වූයේ එක පවුලක් කේන්ද්‍ර කර ගත් ගජ මිතුරු දේශපාලනයේ ආර්ථික ත්‍රස්තවාදය නිසා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.

මේ හේතුවෙන් ජනතාවගේ සම්පත් සහ රාජ්‍ය දේපොළ රටට අහිමි වූයේ යැයි ද, ඒ මහා මංකොල්ලයට හවුල් වූ සියලු දෙනා විනිවිදභාවයකින් සහ අපක්ෂපාතිව නීතිය හමුවට ගෙන විත් නැවත එම සම්පත් රටේ අධ්‍යාපනය සහ සෞඛ්‍ය වෙනුවෙන් යොද වන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර සිටියි.

ජාති, ආගම්, කුල මල, පන්ති, පක්ෂ සහ තරාතිරම් භේදයකින් තොරව අත්වැල් බැද ගෙන අපේම සමෘද්ධිමත් සහ සෞභාග්‍ය සම්පන්න නව දේශයක් ගොඩ නැගිය හැකි යැයි පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා ජන සමාජයේ සියලු ස්ථරයන්ට සම්පත් සමානව බෙදී යන ඒ නව සෞභාග්‍යමත් දේශය ගොඩ නගන්න අත්වැල් බැද ගන්නා ලෙසත් ඉල්ලා සිටියි.

දැන්වීම

ඒ සඳහා සමගි ජන බලවේගය සූදානම් යැයි ද, කෙසේ නමුත් ඒ සඳහා රට සහ ජනතාව සූදානම් ද කියා ප්‍රශ්න කර සිටින්නේ යැයි ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහනේ 82 වැනි අදියර යටතේ අක්මීමන ඉහළගොඩ ශ්‍රී සුමංගල ආදර්ශ විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

වැඩිම ණය බරතාවක් ඇති රටක් ලෙස ජපානය හැදින්විය හැකි යැයි ද, ඔවුන් එම ණය ගෙන ප්‍රතිලාභ ලැබිය හැකි ආයෝජන කළේ යැයි ද, කිසිදා ණය ලබා ගෙන නැව් එන්නැති වරායවල්, ගුවන් යානා එන්නැති ගුවන් තොටුපොළවල්, සම්මන්ත්‍රණ නොමැති සම්මන්ත්‍රණ ශාලා, ක්‍රිකට් නොගහන ක්‍රිකට් ක්‍රීඩාංගන සහ නෙළුම් කුළුණු ආදිය නොසෑදූවේ යැයි ද ඔවුන් කළේ ණය ගෙන අපනයන කේන්ද්‍රීය කර්මාන්ත ශාලා බිහි කිරීම යැයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

සමගි ජන බලවේග රජයක් යටතේ රටේ සිටිනා තානාපතිවරුන්ගේ කාර්ය සාධනයට මාසිකව කළ යුතු කාර්ය කොටසක් ඇතුළත් කරන කරන්නේ යැයි ද, එසේ නොකරන තානාපතිවරුන් සේවයෙන් ඉවත් කරන්නේ යැයි ද, රටේ ජනතාවගේ ජීවිත සමඟ සෙල්ලම් කිරිමට කිසිවෙකුට ඉඩ නොතබන්නෙ යැයි ද හෙතෙම සඳහන් කළේය

එසේම ළමුන් 1800කට වැඩි ප්‍රමාණයක් ඉගෙනුම ලබන ඉහළගොඩ සුමංගල පාසලේ එකම එක පරිගණකයක් හෝ නැතැයි ද, එවැනි තත්ත්වයත් මත අයවැයෙන් ජනාධිපතිවරයාට වෙන් කළ මුදලට අමතරව තවත් ලක්ෂ 200ක් විදේශීය ගමන් සඳහා වෙන් කර ගෙන ඇතැයි ද, රටේ ප්‍රමුඛතාව අප හදුනා ගත යුතු යැයි ද, කෙසේ නමුත් එවැන්නක් සිදු නොවන්නේ යැයි ද සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් කියා සිටියේය. 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 82ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 803ක් වැය කර තිබේ. 

රට විනාශ කළේ පවුල් වාදී ගජ මිතුරු දේශපාලනයේ ආර්ථික ත්‍රස්තවාදයයි

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රට විනාශ කළේ පවුල් වාදී ගජ මිතුරු දේශපාලනයේ ආර්ථික ත්‍රස්තවාදයයි | Lanka Newsweek