අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

"රට විනාශය කරා ගෙනයන කඳවුරු දෙක පරාජය කරන කඳවුර"

"රට විනාශය කරා ගෙනයන කඳවුරු දෙක පරාජය කරන කඳවුර"

(නායක බණ්ඩාර) මේ වනවිට රටේ සමස්ත සමාජය නිශ්චිත වශයෙන් ම කඳවුරු තුනකට බෙදී ඇති බවත්, ඉන් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කඳවුරේ මුළු දේශපාලනයම ජාතිවාදයත් ගෝත්‍රවාදයත් වපුරමින් අතිශය විනාශකාරී ප්‍රගමනයක්…

(නායක බණ්ඩාර)

මේ වනවිට රටේ සමස්ත සමාජය නිශ්චිත වශයෙන් ම කඳවුරු තුනකට බෙදී ඇති බවත්, ඉන් මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන කඳවුරේ මුළු දේශපාලනයම ජාතිවාදයත් ගෝත්‍රවාදයත් වපුරමින් අතිශය විනාශකාරී ප්‍රගමනයක් දෙස යොමුකරමින් සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

එසේ ම රනිල්ගේ කඳවුර රටේ ජාතික සම්පත්, උපාය මාර්ග, අත්හරිමින් රට නව ලිබරල්වාදී ආර්ථික ප්‍රවනතාවක් කරා ගෙන යමින් තිබෙන බව ඔහු පෙන්වා දෙයි. රටට අතිශය විනාශකාරී ප්‍රතිඵල සහිත ගිවිසුම් අත්සන් තබමින් විටෙම මෙම කඳවුරු දෙක මුහු වෙමින් තිබෙන බවත්, විටෙන මේ කඳවුරු දෙක වෙන් වෙන අතර, තවත් විටෙක එක් කඳවුරක මුහුණුවර අනෙකට ආරෝපණය වෙන බවත්, ජවිපෙ නායකයා පැහැදිළි  කරයි.

දැන්වීම

මේ සියල්ල සිදුවෙද්දී තවත් කඳවුරක් විසිරී තිබෙන බව ඔහු පෙන්වා දෙයි. එය නියමාකාර කඳවුරක් බවට පරිවර්ථනය වී, කේන්ද්‍රගතව නොමැති බව පෙන්වා දෙන අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරන්නේ එම විසිරුණු කඳවුර එක මධ්‍යස්ථානයකට කේන්ද්‍රගත කිරීම  හමුවේ ඇති කාර්යභාරය බවයි.

ජාතික ජන බලවේගය යනු රට විනාශය කරා ගෙනයන ප්‍රධාන කඳවුරු දෙක පරාජය කළ හැකි, සියලු දෙනාට එකම තැනකට කේන්ද්‍රගත වියහැකි, ප්‍රබලතම මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ අභිලාසයක් ජනතා විමුක්ති පෙරමුණට ඇති බව අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
"රට විනාශය කරා ගෙනයන කඳවුරු දෙක පරාජය කරන කඳවුර" | Lanka Newsweek