අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට විනාශයි-මිනිස්සු අනාථයි

රට විනාශයි-මිනිස්සු අනාථයි

ඩොලර් නැහැ-ඉදිරි මාස දෙක තුන තීරණාත්මකයි ප්‍රශස්ත රාජ්‍ය පාලනයක සේයාවක්වත් දකින්නට නැහැ ඉදිරි මාස දෙක තුන අතිශය තීරණාත්මක බවත්, ඉතාමත්ම අවාසනාවන්ත ලෙස රට බලවත් අගාධයකට ඇද වැටෙමින් තිබෙන අතර මේ…

ඩොලර් නැහැ-ඉදිරි මාස දෙක තුන තීරණාත්මකයි 

 ප්‍රශස්ත රාජ්‍ය පාලනයක සේයාවක්වත් දකින්නට නැහැ 

ඉදිරි මාස දෙක තුන අතිශය තීරණාත්මක බවත්, ඉතාමත්ම අවාසනාවන්ත ලෙස රට බලවත් අගාධයකට ඇද වැටෙමින් තිබෙන අතර මේ තත්ත්වය හේතුවෙන් ආහාර, ඖෂධ සහ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය ආනයනය කිරීම පවා බරපතළ අවිනිශ්චිත තාවයකට පත්ව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පෙන්වා දෙයි.

ආණ්ඩුව අද ලෝකය පුරා යමින් රටවල් ඉදිරියේ වැඳ වැටෙමින් ඩොලර් ඉල්ලා දණ ගසන අතර ඩොලර් සංචිත නොමැතිකම හේතුවෙන් සිදු වන බරපතළ  ඛේදවාචකයේ තරම තවමත් ආණ්ඩුව අවබෝධ කොට ගෙන නොමැති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා  එක පැත්තකින් රට අභ්‍යන්තරයේ ආගම්වාදය, ජාතිවාදය සහ වර්ගවාදය වපුරවන ආණ්ඩුව දේශප්‍රේමී ලේබලය ගසා ගෙන ඊට මුවාවී කටාර්-ඕමාන් ඇතුළු රටවල්වලින් පවා ඩොලර් සොයා යමින් සිටින බව ද සඳහන් කරයි. 

මේ ආණ්ඩුව බලයට පැමිණි විගසම ලබා දුන් බදු සහන හේතුවෙන් ආණ්ඩුවේ ගජ මිතුරන්ගේ මඩිය තර වූ නමුත් එම බදු සහන රටට මරු පහරක් වූ බව කියා සිටින සජිත් ප්‍රේමදාස මහතා COVID-19 වසංගත සමයේ ශ්‍රී ලංකාව අවට ඇති සියලුම රටවල් ආයෝජනයෙන් ශක්තිමත් වූ නමුත් අස්ථාවර ශ්‍රී ලංකාවට කිසිදු ආයෝජකයෙක් නොපැමිණි බව ද කියා සිටියි.

ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව බරපතළ අඩියකට වැටී ඇති බැවින් සහන පොලියට ණය ලබා ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පෙන්වා දෙන සජිත් ප්‍රේමදාස මහතා අසාර්ථක මූල්‍ය කළමණාකාරීත්වය මේ ඛේදවාචකයට හේතු වී ඇති බව ද, හුදෙක් ජනප්‍රියත්වය නඩත්තු කිරීම වෙනුවෙන් "එදා වේල ටුවර්ස්" දේශපාලනයක් කරන මේ ආණ්ඩුවෙන් ප්‍රශස්ත රාජ්‍ය පාලනයක සේයාවක්වත් දකින්නට නොමැති බව ද කියා සිටියි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට විනාශයි-මිනිස්සු අනාථයි | Lanka Newsweek