අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට වැනසූ හොර රැල රකින කණ්ඩායම එක්ක සජබය එකතු වන්නේ නැහැ

රට වැනසූ හොර රැල රකින කණ්ඩායම එක්ක සජබය එකතු වන්නේ නැහැ

පාර්ලිමේන්තුවේ නොකඩවා කතා කළ නිසා පරාටේ නීතියට විරාමයක් ලැබුණා ජනතාවට අවශ්‍ය කයියද සංවර්ධනයද කියා තීරණය කරනු මහා මැතිවරණයෙන් බිංදුවට වැටුණු කණ්ඩායම, සමගි ජන බලවේගය සමග එකට එකතු විය යුතු බවට සාකච්ඡා…

පාර්ලිමේන්තුවේ නොකඩවා කතා කළ නිසා පරාටේ නීතියට විරාමයක් ලැබුණා

ජනතාවට අවශ්‍ය කයියද සංවර්ධනයද කියා තීරණය කරනු

මහා මැතිවරණයෙන් බිංදුවට වැටුණු කණ්ඩායම, සමගි ජන බලවේගය සමග එකට එකතු විය යුතු බවට සාකච්ඡා කර ඇති බවත් මේ රට බංකොලොත් කළ මේ රට විනාශ කළ පොදු දේපොළ සේම රටේ සම්පත්, දේපොළ සහ අරමුදල් හොරා කෑ හොරු කණ්ඩායම සුරකින කිසිදු අයකු සමග එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

තමා හොරු සමඟ "Deal" දැම්මා නම් තමාටද බෙහෙත් වංචා කළ කෙහෙලිය රඹුක්වැල්ලට පක්ෂව අත් උස්සන්න සිදු වන බවත් දේශපාලනය කරන්නේ නම් ප්‍රතිපත්ති ගරුක විය යුතු බවත් ජනාධිපති සහ අගමැති පුටු හිස් වන විට කෙල පෙරමින් තනතුරු පසු පස දිව නොයා යුතු බවත් හොද අවබෝධයකින් කටයුතු කර ජාතික අවශ්‍යතාව ගැන සිතිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය. 

රටේ ජනතාව ඉල්ලා සිටින පිරිසුදු ගමනක් යාමේ හැරවුම් ලක්ෂය වීමට සමගි ජන බලවේගය සූදානම් බවත් අනාගත පරපුරට අවශ්‍ය ශක්ති සම්පන්න අනාගතයක් බිහි කරන්න සිය පක්ෂය සහ කණ්ඩායම සූදානම් බවත් සියලු දෙනාම එකට එකතු වී ජාති, ආගම්, කුල සහ වර්ණ භේද පසෙකලා ශ්‍රී ලාංකිකත්වය මූලික කර ගෙන අත්වැල් බැඳ ගෙන රට ගොඩ ගැනීමට එක් වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.

දැන්වීම

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, මාතලේ දඹුල්ල දේවහුව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩ සටහනේ 112 වැනි අදියර යටතේ රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙම පාසලේ වසර 35ක් පුරාවට ගණිත ගුරුවරයකු නොසිටින බව ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට මෙහි දී දැන ගැනීමට හැකි විය.

වසර දෙකහමාරක් පුරා නොකඩවාම තමා පාර්ලිමේන්තුවේ කතා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට බලපෑමක් සිදු කළ පරාටේ නීතියට තාවකාලික විරාමයක් ගැනිමට හැකියාව ලැබුණු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටේ පවතින ක්‍රමයේ වෙනස ඇති කිරීම ආරම්භ කළේ සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය බවත් බොරුවට කයිය ගගහ යන පිරිසක් සිටින නිසා ලක්ෂ 220 ජනතාව ඇසිය යුත්තේ තව දුරටත් රටට අවශ්‍ය කයිය ගැසීම ද, නැති නම් සංවර්ධනය ද යන්න බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 

බංකොලොත් අප රට ගොඩ ගත හැක්කේ විපක්ෂයේ සිට පවා ජනතාවට සේවය කරන පුද්ගලයන්ට ද, එසේ නොමැති නම් රට වටේ කයිවාරු ගගහ යන පුද්ගලයන්ට ද කියා ජනතාව සිතිය යුතු බවත් මේ මොහොතේ රටට අවශ්‍ය කයිය ගැසීම නොව වැඩ කිරීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. 

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 112ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1115ක් වැය කර තිබේ.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රට වැනසූ හොර රැල රකින කණ්ඩායම එක්ක සජබය එකතු වන්නේ නැහැ | Lanka Newsweek