රට වනසන සමාජවාදී පිළිලය ඉවත් කළ යුතුයි

කල්පය යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් රට විනාශයි සජබයේ ආර්ථික දැක්ම එළි දක්වමින් සුහුරු රටක් ගොඩනගන හැටි විපක්ෂ නායක කියයි සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන්…
කල්පය යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් රට විනාශයි
සජබයේ ආර්ථික දැක්ම එළි දක්වමින් සුහුරු රටක් ගොඩනගන හැටි විපක්ෂ නායක කියයි
සමහර කණ්ඩායම් සුහුරු රටක් ගොඩනගන්නේ සුහුරු පක්ෂයක් ගොඩ නැගීමෙන් බවත් තවත් විකල්ප කණ්ඩායම් සුහුරු රටවල් ගොඩනගන්නේ සමාජවාදී ක්‍රමය ඔස්සේ බවත් සමාජවාදී ක්‍රමයක් මත කිසිදු ව්‍යවසායකත්වයකට තැනක් නොමැති බවත් සමාජවාදී ක්‍රමය ව්‍යවසායකත්ව විරෝධී සංකල්පයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ඇඟලුම් කම්හල් 200 ව්‍යාපෘතිය ගෙන ආ අවස්ථාවේ සුද්දියන්ට යට ඇදුම් මැසීමට ගමේ තරුණ තරුණියන් යොදා ගන්නවා කියා පාද යාත්‍රා යමින්, රට පුරා භීෂණයක් වැපුරුවත් අද එම කර්මාන්ත ශාලා නිසා බංකොලොත් අප රටට ඩොලර් ලැබෙමින් පවතින බවත් අප රටට නව සංකල්ප හඳුන්වා දෙන විට ඊට විරුද්ධ වන මෙවැනි පුද්ගලයන් අදටත් සිටින බවත් පවතින අන්ධකාරයෙන් රිදී රේඛාව නිර්මාණය කර ගැනීමට නම් මෙවැනි පසුගාමී සිතුවිලිවලින් බැහැරව ඉදිරියට යා යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.
එසේම සමාජවාදය ඔස්සේ මැණික් සහ තේ ඇතුළු කර්මාන්ත දියුණු කළ නොහැකි බවත් අන්ත වාමාංශික රජය කේන්ද්‍ර කර ගත් ආර්ථික රටාවක් ඔස්සේ ව්‍යවසායකයන්ට ඉදිරියට යා නොහැකි බවත් මේ සමාජවාදය ජන ජිවිත සහ ජීවනෝපාය විනාශ කරන මහා පිළිලයක් බවත් එම ක්‍රමය රටටත් ජනතාවටත් මහා විශාල ද්‍රෝහීකමක් කරන බැවින් 2019 දී වගේ නැවත වරක් නොරැවටෙන ලෙසත් සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
දැන්වීම
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, රත්නපුරයේ පැවැති සමගි ජන බලවේග ආර්ථික දැක්ම එළි දැක්වීමේ "Blue Print" වැඩ සටහන හා එක්වෙමිනි.
ව්‍යාපාරිකයන් දහඩිය මහන්සියෙන් උපයන දේ රජයේ භාරකාරීත්වයට ගත හොත් සිදු වන්නේ කුමක්ද කියා බුද්ධිමත්ව සිතන ලෙසත් විකල්පය යැයි කියා ගන්නා පුද්ගලයන් බලයට පැමිණිය හොත් සිදු වන්නේ එවැනි සිද්ධියක් බවත් ව්‍යවසායකයන් උත්පාදනය කරන ධනය රජයට පවරා ගැනීම සිදු වන බවත් මේ රටට ඉදිරියක් ඇත්තේ නව ව්‍යවසායකත්වයෙන් බවත් දරිද්‍රතාව තුරන් කිරිමට එම ව්‍යවසාය උපකාරි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.
පාලකයන්ට නොව ලක්ෂ 220 ට ආයු බොහෝ වේවා
සමගි ජන බලවේග රජයක් යටතේ මහා රජාණෝලා නොමැති බවත් තාවකාලිකව ජන වරමින් පැමිණි භාරකරුවන් පමණක් සිටින බවත් තාවකාලික භාරකරුවන්ගේ වගකීම වන්නේ ලක්ෂ 220ක් වූ ජනයාගේ ආයු කාලය වර්ධනය කිරීම බවත් පාලකයන්ට නොව ලක්ෂ 220ට ආයු බොහෝ වේවා යනුවෙන් ප්‍රාර්ථනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
විප්ලවවාදීන් "File" තොග ගණන් පෙන්නුවට අල්ලපු හොරෙක් නම් නැහැ
මාධ්‍යවලින් සමහර ප්‍රතිවාදීන් ඉදිරිපත් කරන කතා අහද්දි හිනා යන බවත් "File" පෙන්වා හොරු අල්ලනවා යැයි කිව්වත් තවම අල්ලපු හොරෙක් නොමැති වුවත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අනාවරණය කර ගත් බවත් ප්‍රායෝගිකවම සමගි ජන බලවේගය හොරු කවුද කියා අනාවරණය කළ බවත් මේ නිසා මොවුන්ට වන්දි ගෙවීමට පවා සිදු වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
වැටුණු තැනින් ගොඩ එන්න පුළුවන් මානුෂීය ධනවාදයෙන් විතරයි
අප රට වැරදි ගණනාවක් නිසා බංකොලොත් වූ රටක් බවත් බංකොලොත් රටක සිට අප ඊට විසඳුම් සොයමින් සිටින බවත් එහි දී සමගි ජන බලවේගයට සාර්ව සහ ක්ෂුද්‍ර ආර්ථික දැක්මක් පවතින බවත් සාර්ව ආර්ථික දැක්ම මත මානුෂීය ධනවාදය අනුගමනය කරන බවත් එහි දී ධනවාදයේ වැදගත්කම ගැන කතා කිරීමට තමා මැළි නොවන බවත් විපක්ෂ නායකවරයා කියා සිටියේය.
වැටුණු තැනින් රට ගොඩ ගන්න මානුෂීය ධනවාදී ප්‍රතිපත්තිය මත සමාජ වෙළෙඳ පොළ ආර්ථිකයට ඉඩ තබා ඉල්ලුම සැපයුම කේන්ද්‍ර කර ගත් ආර්ථික රටාව ඔස්සේ සමාජ සාධාරණත්වය සහ යුක්තිය තහවුරු කෙරෙන සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යටතේ ඉදිරියට යන බවත් එහි දී සැවොම එකට එක් කර ගත් ආර්ථික වර්ධනයක් කරා යා යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනසක් අත්‍යාවශ්‍යයි
අප රටට පවතින අධ්‍යාපන ක්‍රමයෙන් ගොඩ යා නොහැකි බවත් කට පාඩම් ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමය වෙනස් කර නිපුණතාව-දක්ෂතාව-කුසලතාව ඇති ප්‍රශ්න විසඳන්නන් බිහි කළ යුතු බවත් ඒ සඳහා "STEAM Education" ක්‍රමයට මුල්තැන ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
අධ්‍යාපනය නවීකරණය කිරීමේ දී රජයේ පාසල් 10126 ම ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ආරම්භ කර විශිෂ්ටයන් බිහි කරණ ස්ථාන බවට පත් කළ යුතු බවත් නිපුණතාවෙන්-කුසලතාවෙන්-දක්ෂතාවෙන් සපිරි ශ්‍රම බලකායක් බිහි කළ යුතු බවත් එවිට විරැකියාවට ඉබේම පිළිතුරු ලැබෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
කෘෂි තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කළ යුතුයි
එසේම නව කෘෂි තාක්ෂණයට මුල් තැන දී පසු අස්වනු තාක්ෂණයට සහ ශීතාගාර පහසුකම්වලට යා යුතු බවත් නෙදර්ලන්තය, ඊශ්‍රාලය, මැද පෙරදිග රටවල සාර්ථක කෘෂිකර්මාන්තයක් ක්‍රියාත්මක වෙනවා නම් අප රටටද එවැනි හැකියාවක් පවතින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
සජබය නොසිටින්න ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ගැන රජය දන්නෙත් නැහැ
දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් ගත වූ මාසය වන තුරු ආණ්ඩුවේ අවධානයට ලක් නොවූ බවත් වසර එක හමාරක් පාර්ලිමේන්තුවේ දී සහ පාර්ලිමේන්තුවෙන් පිටත දී සමගි ජන බලවේගය ඔවුන් වෙනුවෙන් හඬ නගා ඒ අය ආසියානු සංවර්ධන බැංකුවට සහ යුරෝපා සංගමයේ මහා කොමසාරිස්වරියට සෘජුවම සම්බන්ධ කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක සහයෝගයක් මොවුන් වෙනුවෙන් ලබා දුන්නත් එම සහන ක්‍රියාත්මක වීමේ ක්‍රමවේද ගැන බරපතළ ගැටලු ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
පරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවීමට උගුර ලේ රහ වන තරු හඬ නැගු බවත් එහි ප්‍රතිඵලයක් ලෙස රජය අමාරුවෙන් හෝ පරාටේ නීති අත්හිටුවන්න පියවර ගත්තත් එම ක්‍රියාමාර්ගය ප්‍රමාණවත් නොවන බවත් මෙම අත්හිටවූ කාලයේ ක්ෂුද්‍ර, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට කාරක ප්‍රාග්ධනයක් අවශ්‍ය බවත් දරා ගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට ප්‍රවේශයක් ලබා දිය යුතු බවත් එහි දී සහන පොලියක් යටතේ ණය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.