අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“රට යථා තත්ත්වයට පත් කර සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා”

“රට යථා තත්ත්වයට පත් කර සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා”

පාර්ලිමේන්තුවයි-අධිකරණයයි-ජනතාවයි ජය ගත්තා..! ආපස්සට ගිය රට ඉදරියටම ගෙන යමු..! (සුජිත් මංගල ද සිල්වා) රටේ සාමාන්‍ය තත්වය යළි ඇති කරමින් සංවර්ධනයේ උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්නේයැයි නව අග්‍රාමාත්‍ය…

පාර්ලිමේන්තුවයි-අධිකරණයයි-ජනතාවයි ජය ගත්තා..!

ආපස්සට ගිය රට ඉදරියටම ගෙන යමු..!

“රට යථා තත්ත්වයට පත් කර සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා”

(සුජිත් මංගල ද සිල්වා)

රටේ සාමාන්‍ය තත්වය යළි ඇති කරමින් සංවර්ධනයේ උපරිම ප්‍රතිලාභ ජනතාවට ලබා දෙන්නේයැයි නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටේ උද්ගතවී තිබුණ අර්බුදය අවසන් කරමින් ඒ අර්බුදයට එරෙහි අරගලය ජය  ගත හැකි වුයේ කතානායකවරයා ප්‍රධාන පාර්ලිමේන්තුවේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය  ප්‍රධාන අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය වගේම දේශපාලන පක්ෂ ජාති සහ ආගම භේදයෙන් තොරව ජනතාව ගෙන ගිය සටන නිසා යැයි ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික සමාජවාදී ජනරජයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව අරලිය ගහ මන්දිරයේ පැවති  විශේෂ උත්සව සභාවේදීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (16) උදැසන 11.16 ට යෙදී තිබුණු සුභ මොහොතින් දිවුරුම් දුන්නේ ශ්‍රී ලංකාවේ 23 වෙනි අග්‍රාමාත්‍යවරයා ලෙසය.

ඒ සමග ම පස් වැනි  වතාවටත් අග්‍රාමාත්‍ය ධූරයට පත් වෙමින් රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ වැඩිම වාර ගණනක් අගමැති ධූරය හෙබවූ දේශපාලන නායකයා ලෙස ද වාර්තාවක් තැබීය.

අරලිය ගහ මන්දිරයේ පවතී මේ විශේෂ උත්සව සභාවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්තික  සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධූරය නිල වශයෙන් සහ නීත්‍යානුකුලව ලබා යළිත් භාර ගත්තා. ඒ අනුව නව රජයේ කැබිනට් මණ්ඩලය ඊට සමගාමීව ඉතාම ඉකමනින් පත් කර ගැනීමට අප කටයුතු යොදා තිබෙනවා.

මීට සති ගණනාවකට පෙර රටේ ඇති වූ උග්‍ර අර්බුදය හේතුවෙන් අවාසනාවකට රට මුළුමනින්ම අස්ථාවර සහ අරාජික වී ආර්ථිකය කඩා වැටි ඉදිරි ගමන අඩාල වී ජනතාව අන්ත අසරණ වුණා.

ඒ අනුව ප්‍රථමයෙන්ම අප සිදු කරන්නේ රටේ සාමාන්‍ය තත්ත්වය යළි තහවුරු  කර ස්ථාවර භාවයක් ඇති කිරීමයි. ඊට සමගාමීව රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට යළි පණ පොවා වේගවත් සංවර්ධනයක් ඔස්සේ ජනතාවට උපරිම සහන සැලසීමට අප ඇප කැප වී ක්‍රියා කරනවා.

ශ්‍රී ලංකාව ආර්ථික ,දේශපාලන ,සමාජ සහ සංස්කෘතික වශයෙන් යළි ගොඩ නගා ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ වැඩ කටයුතුවල අවුරුදු 3 ½  ක් මුළුල්ලේ අප යෙදී සිටි අතර ඒ වෙනුවෙන් පොදු ජනතාවද විශාල  වශයෙන්  කැපවීම් කරමින් දුක් වේදනා වින්දා.

ඒ මහා සංවර්ධන ක්‍රියා දාමයේ ප්‍රතිඵල  ජනතාවට ලබා දීමට අප පියවර ගනිද්දීම මීට සති ගණනාවකට පෙර රටේ ඇති වූ ඒ දේශපාලන අර්බුදය හේතුවෙන් ජනතාවට ඒ සියලු අවස්ථා, අයිතීන් සහ වරප්‍රසාද අහිමි වුණා.

කතානායක කරු ජයසූරිය මහතා ප්‍රධාන උත්තරීතර පාර්ලිමේන්තුව, ප්‍රජාතන්ත්‍රවාදය නිතිය සහ සාමය වෙනුවෙන් නිවැරදිව, නීත්‍යනුකුලව සහ සම්ප්‍රධායට අනුව මේ අර්බුදයේදී ක්‍රියා කළා.

ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රධාන මේ රටේ අධිකරණ පද්ධතිය  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිවැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් පරමාධිපත්‍ය බලය හිමි  ජනතාවගේ අයිතිය නිදහස සහ අපේක්ෂාව තහවුරු කළා.

සියලු ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ පරාජයට පත් කරමින් රටේ උද්ගතවී තිබූ දේශපාලන අර්බුදය අවසන් කර මේ ජනතා ජයග්‍රහණය ලබා ගැනීමට අපට හැකි වුයේ ඒ නිසා බව සිහිපත් කළ යුතු අතර ඒ අවෙනුවෙන් දේශපාලන පක්ෂ ජාති සහ ආගම් භේදයෙන් තොරව  මුල සිටම ඇප කැප වී ක්‍රියා කළ  සියලු ජනයාට මම මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා.

▶ වීඩියෝව නරඹන්න

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
“රට යථා තත්ත්වයට පත් කර සංවර්ධනයේ ප්‍රතිලාභ ජනතාවට ලබා දෙනවා” | Lanka Newsweek