අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට භාර දිය හැකි සොඳුරු ආඥාදායකයා කවුද..?

ඒකාධිපතියකුටවත් ගොඩ ගන්න නොහැකි ලෙස රට කුණු වෙලා..!

(සුජිත් මංගල ද සිල්වා) රටේ දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හී උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ආඥාදායක පාලකයකුගේ සහ පාලනයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ජනතාව අතර මේ වන විට…

(සුජිත් මංගල ද සිල්වා)

රටේ දේශපාලන,ආර්ථික,සමාජ සහ සංස්කෘතික ඇතුළු සියලු ක්ෂේත්‍රයන්හී උද්ගත වී තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ ආඥාදායක පාලකයකුගේ සහ පාලනයක අවශ්‍යතාවය සම්බන්ධයෙන් ජනතාව අතර මේ වන විට පුළුල් සාකච්ඡාවක්  ආරම්භ වී තිබේ.

කෙසේ නමුත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපන් දිනය වෙනුවෙන් පැවති උත්සවයේදී සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශවයේ අනු නායක වෙඬරුවේ උපාලි නා හිමියන් මේ සම්බන්ධයෙන් කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය මේ වන විට දැඩි විවේචනයට,විවාදයට සහ සංවාදයට ලක් වෙමින් පවතින අතර ඇතැම් පිරිස්  එම ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප ද කරති.

බහුතර ජනයා කියා සිටින්නේ රටට අවශ්‍ය ඇඩොල්ෆ් හිට්ලර් වැනි කුරිරු ආඥාදායකයකු නොව රට වෙනුවෙන් හමුදා සේවයේ යෙදෙමින් ශික්ෂණය ලැබූ,  දුෂණ,වංචා සහ අක්‍රමිකතා වගේම අපරාධ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී නොමැති සියලු පාර්ශවයන් එකට ඒකරාශී කළ හැකි සිංහල බෞද්ධ එහෙත් සුළු ජාතීන්ගේ සහ ආගමිකයින්ගේ අයිතීන් ද තහවුරු කරන සොඳුරු ආඥාදායකයකු බවය.

මේ ස්ථාවරයට අදාළව කලක් රට වෙනුවෙන් හමුදා සේවයේ ද යෙදී සිටී චරිත තුනක් කෙරෙහි ජන සමාජයේ අවධානය යොමුව තිබෙන අතර ඒ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ කතා නායක දේශබන්දු කරු ජයසූරිය යන මහතවරුන්ය.

ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ,කරු ජයසූරිය සහ සරත් ෆොන්සේකා යන මහත්වරුන් හමුදා සේවයේ යෙදී සිටියදී සිය නිල ඇඳුමින් ගත් ඡායාරුප තුනකි.

මේ අතරින් රට භාර දෙනවා නම් එසේ භාර දිය හැකි සොඳුරු ආඥාදායකයා කවුද සහ කුරිරු ආඥාදායකයා කවුද යන්න පිළිබඳව විචාර බුද්ධියෙන් තීරණය කිරීම පාඨක ඔබ සතු වගකීමකි.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට භාර දිය හැකි සොඳුරු ආඥාදායකයා කවුද..? | Lanka Newsweek