අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට බංකොළොත් කළ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළේ නැහැ

රට බංකොළොත් කළ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළේ නැහැ

එක්සත් ජන රජ පෙරමුණ කියයි රට බංකොළොත් කිරීම සඳහා සෘජුවම දායක වූ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග එක්සත් ජන රජ පෙරමුණ කිසිදු සාකච්ඡාවක් සිදු කොට නැතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් විශේෂ නිවේදනයක්…

එක්සත් ජන රජ පෙරමුණ කියයි 

රට බංකොළොත් කිරීම සඳහා සෘජුවම දායක වූ කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු සමග එක්සත් ජන රජ පෙරමුණ කිසිදු සාකච්ඡාවක් සිදු කොට නැතැයි එම පෙරමුණේ ප්‍රධාන ලේකම් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින අතර එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

එක්සත් ජනරජ පෙරමුණ විසින් 2024 පෙබරවාරි 14 දින ජන ගත කෙරුණු “දේශය වෙනුවෙන් එක් වන පියවරක්” රට ගොඩ නගන වැඩ පිළිවෙළ සියලු දේශපාලන පක්ෂ සමග විවෘතව සංවාදයට ලක් කිරීමට කටයුතු කරන ලදී.

ඒ අනුව, සමගි ජන බලවේගය ඇතුළු බොහෝ පක්ෂ සමග සාකච්ඡා සිදු කරන ලද්දේ අප්‍රසිද්ධියේ නොව ප්‍රසිද්ධියේ ය. එමෙන්ම, එම වැඩ පිළිවෙළ සාකච්ඡා කිරීමට ජාතික ජන බලවේගයෙන් ප්‍රතිචාරයක් නොලැබුණු අතර, රට බංකොළොත් කිරීමට දායක වූ දේශපාලන පක්ෂ සමග අප සාකච්ඡා නොකරන බවටද අප ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර සිටියෙමු.

එනයින් රට බංකොළොත් කිරීම සඳහා සෘජුව ම දායක වූ කිසිවෙකු සමග සාකච්ඡා කිරීමක් අප විසින් සිදු කොට නොමැති බව නැවත අවධාරණය කරමු.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට බංකොළොත් කළ දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කළේ නැහැ | Lanka Newsweek