රට බංකොලොත් භාවයට ගෙන ගියේ මහා බැංකුවයි

මහා බැංකුවේ ක්‍රියා කලාපය දෙබිදියි-ද්විත්වයි අන්දරේගේ කතා අහන්න බොහෝ අය ආවත් කවුරුවත් අන්දරේව රජ කරවන්නේ නැහැ. රට බංකොලොත් භාවයට ගෙන ගියේ කවුරුවත් නොව ශ්‍රී ලංකා මහා බැංකුව යැයි ද, රට බංකොලොත් කියා…
මහා බැංකුවේ ක්‍රියා කලාපය දෙබිදියි-ද්විත්වයි
අන්දරේගේ කතා අහන්න බොහෝ අය ආවත් කවුරුවත් අන්දරේව රජ කරවන්නේ නැහැ.
රට බංකොලොත් භාවයට ගෙන ගියේ කවුරුවත් නොව ශ්‍රී ලංකා මහා බැංකුව යැයි ද, රට බංකොලොත් කියා ප්‍රකාශ නොකළා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යාමට අවශ්‍ය වන්නේ නැතැයි ද කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.
ශ්‍රී ලංකා මහා බැංකුවට සහ එහි අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේ ද කියා සිටියි.
ශ්‍රී ලංකා මහා බැංකුවේ සේවය කරන සේවක සේවිකාවන්ගේ EPF සඳහා 29%ක පොළී අනුපාතයක් ගෙවනවා නම් රටේ අනෙකුත් සේවක සේවිකාවන්ටත් එම වරප්‍රසාදය ලබා දිය නොහැක්කේ ඇයි..? ස්වාධීන යැයි කියන ශ්‍රී ලංකා මහා බැංකුව මේ ආකාරයට දෙබිඩි සහ ද්විත්ත ස්වරූපයකින් වැඩ කරන්නේ ඇයි..?
දැන්වීම
මේ වැරදි නිවැරදි කළ යුතුයි. ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් සංශෝධනය විය යුතු ආකාරය සම්බන්ධයෙන් දිනේෂ් වීරක්කොඩි කමිටුව මගින් මේ වන විටත් යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. රටේ තිබෙන දැවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් සියලු සේවක සේවිකාවන්ට අදාළව සාධාරණ සහ පොදු ලෙස ක්‍රියා කළ යුතුයි.
මේ රටේ මේ සියලු ප්‍රශ්න ඇති කරන්නේ සහ ඇති කළේ මහා බැංකුවයි. රට බංකොලොත් භාවයට ගෙන ගියේ කවුරුවත් නොව ශ්‍රී ලංකා මහා බැංකුවයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නොවෙයි. ජනතාව කුපිත කරන වැඩ මහා බැංකුව තව දුරටත් නොකළ යුතුයි.
ඇත්තටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යා යුතුව තිබුණේ මේ රට බංකොලොත් බවට නිල වශයෙන් ප්‍රකාශ කළ පුද්ගලයායි. ඔහු එසේ ප්‍රකාශ නොකළා නම් අපට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට යන්න අවශ්‍ය වන්නේ නැහැ.අන්දරේගේ කතා අහන්න බොහෝ අය ආවත් කවුරුවත් අන්දරේව රජ කරවන්නේ නැහැ.
කාර් ඇතුළු වාහන යළි ආනයනයට අවස්ථාව ලබා දිය යුතු බවට අදහසක් ඉදිරිපත් වී ඇතත් ඊට ඉඩ ලබා දිය යුත්තේ රටේ ආර්ථිකය ශක්තිමත් වුණාට පසුවයි. ජනතාවගේ ජන ජීවිතය තවම පහසු නැහැ. සුළුතරයකට කාර් ආනයනය කිරීමට ගොස් රුපියල අවප්‍රමාණය වුණොත් එම තත්ත්වය ආනයනයට ඍජුව බලපානවා.
බිංදුවට තිබුණු රටේ නිල විදේශ සංචිතය මේ වන විට බිලියන 5.4 ට විතර වර්ධනය වී තිබෙන අතර කාර් ආනයනය කළ යුත්තේ එම සංචිතය බිලියන 7ත් 8ත් අතර ප්‍රමාණයට වර්ධනය කිරීමෙන් පසුවයි. අප මුලින් කළ යුත්තේ සමාගම් ආරක්ෂා කිරීම නොව ජනතාව ආරක්ෂා කිරීමයි.
රජය රට-ජනතාව වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ඉදිරිපත් කර තිබෙන අතර විපක්ෂය සුපුරුදු පරිදි ඊට එරෙහිව බිල්ලෙක් මවමින් සිටිනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ පනත මගින් අනාගතයට මාර්ගයක් පෙන්වා දී තිබෙනවා. උද්ඝෝෂණවලට අනුව වෙනස් වන ප්‍රතිපත්තිවලින් රටක් ගොඩනැගිය නොහැකි මේ රටට මේ ඉරණම අත්වූයේ ඒ නිසයි.
රට ගොඩනැගීමට නම් කළ යුත්තේ නව ව්‍යවසායකයින් බිහි කිරීමයි. රජයෙන් නොමිලයේ යැපෙන මානසිකත්වය අවසන් කළ යුතුයි. ජනාධිපතිවරයා උත්සහ කරන්නේ නව ව්‍යවසායකයින් බිහි කිරීමටයි. සුහුරු රාජ්‍ය නිලධාරීන් පිරිසක් බිහි නොකර මේ රට දියුණු කිරීමට හැකියාවක් ඇත්තේ නැහැ.
තීන්දුවක් ගෙන ක්‍රියාත්මක කිරීමට මාස 10ක් විතර ගත කරන රජයේ නිලධාරීන්ගෙන් ඇති ඵලය කුමක්ද..? රජයේ නිලධාරීන් ලක්ෂ 17ක් සිටිනවා. ඒ අය නඩත්තු කිරීම සඳහා රුපියල් ට්‍රිලියන 1.7ක් වැය කරනවා. නමුත් අපේ ජාතික ආදායම ට්‍රිලියන 4.2යි. ඉතිං මේ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද..?