අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට බංකොලොත් කළ හොර නඩයෙන් වන්දි ඉල්ලනු

රට බංකොලොත් කළ හොර නඩයෙන් වන්දි ඉල්ලනු

විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඓතිහාසිකයි රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ…

විපක්ෂ නායක ජනතාවගෙන් ඉල්ලයි 

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඓතිහාසිකයි 

රට බංකොලොත් කළ හොර නඩයෙන් වන්දි ඉල්ලනු

රට බංකොලොත් කළ කණ්ඩායම ශ්‍රේෂ්ඨාධිකරණය හඳුන්වාදී ඇති හෙයින් ඒ අයගෙන් වන්දි ඉල්ලන්නැයි ආර්ථික බංකොලොත්භාවය නිසා ජීවනෝපාය නැති වූ පිරිස්වලින් තමා ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (15)  පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ ඉල්ලීම කළේ, පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වන අතර රට බංකොලොත් කළ කණ්ඩායම රටට-ජනතාවට වන්දි ගෙවිය යුතු යැයි ද අවධාරණය කළේය.

රටේ ආර්ථික බංකොලොත්භාවය ඇති කළ පිරිස හඳුන්වාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව ඓතිහාසික බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පාලකයන් රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු බවද අවධාරණය කළේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට බංකොලොත් කළ හොර නඩයෙන් වන්දි ඉල්ලනු | Lanka Newsweek