අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට බංකොලොත් කළ රාජපක්ෂලා බලයට ගෙනාවේ කයිවාරු ගහන විප්ලවවාදීන්

රට බංකොලොත් කළ රාජපක්ෂලා බලයට ගෙනාවේ කයිවාරු ගහන විප්ලවවාදීන්

කයිය නායකලා රාජපක්ෂලා වෙනුවෙන් "ලයිට්" කණු බඩ ගෑවා "ගෙන්-ගෙට" ගොස් ජනතාවට බොරු කිව්වා කයිය නායකලාගේ කර මතින් බලයට ආ රාජපක්ෂලා රට බංකොලොත් කළා වැඩි මිලට අසූචි පොහොර දී ගොවියාගේ අස්වැන්න සහමුලින්ම…

කයිය නායකලා රාජපක්ෂලා වෙනුවෙන් "ලයිට්" කණු බඩ ගෑවා 

"ගෙන්-ගෙට" ගොස් ජනතාවට බොරු කිව්වා 

කයිය නායකලාගේ කර මතින් බලයට ආ රාජපක්ෂලා රට බංකොලොත් කළා

වැඩි මිලට අසූචි පොහොර දී ගොවියාගේ අස්වැන්න සහමුලින්ම විනාශ කළා

රට බංකොලොත් කළ අන්ත දූෂිත රාජපක්ෂ කල්ලිය බලයට ගෙන ආවේ විප්ලවවාදීන් යැයි කියා ගන්නා කයිය නායකලා   යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කර සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කියා සිටියි. 

"රට-ජනතාව හැමදාම රැවටූ මේ විප්ලවවාදීන් යැයි කියා ගන්නා මේ කයිය නායකලා එදා කෘෂිකර්ම ඇමතිලා සහ වාරි මාර්ග ඇමතිලා ලෙස සන්ධාන ආණ්ඩුවල කටයුතු කළා. විප්ලවවාදීන් යැයි කියා ගන්නා මේ කයිය නායකලා රට වෙනුවෙන් එදා ක්‍රියාත්මක කළ කෘෂිකර්ම ප්‍රතිපත්තිය කුමක්ද..? වාරි මාර්ග ප්‍රතිපත්තිය කුමක්ද..? 

දැන්වීම

මේ කල්ලිය මහා ලොකුවට කතා කරන්නේ කවදාවත් මැති ඇමතිකම් නොදරපු පුද්ගලයින් හැටියටයි. මේ අය මැති ඇමතිකම් දරුවා පමණක් නොව රට විනාශ කළ අන්ත දූෂිත රාජපක්ෂ කල්ලිය වෙනුවෙන් "ලයිට්" කණු බඩ ගෑවා. ගෙන්-ගෙට ගොස් ජනතාවට බොරු කිව්වා. මේ අන්ත දූෂිත රාජපක්ෂ කල්ලිය දිනවන්න එදා කටයුතු කළේ මේ විප්ලවාදීන් යැයි කියන කයිය නායකලා කල්ලියයි.  

මේ විප්ලවාදීන් යැයි කියා ගන්න කයිය නායකලා කල්ලිය මාර්ගයෙන් උඩට ඇවිත් ජය ගත් අන්ත දූෂිත රාජපක්ෂ කල්ලිය ගොවීන්ට අසූචි පොහොර, නැනෝ නයිට්‍රජන් පොහොර සහ කාබනික පොහොර වැඩි මිලට ලබා දී ගොවියාගේ අස්වැන්න සහමුලින්ම විනාශ කළා".

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට බංකොලොත් කළ රාජපක්ෂලා බලයට ගෙනාවේ කයිවාරු ගහන විප්ලවවාදීන් | Lanka Newsweek