අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට බංකොලොත් කළ පාපතරයින්ට පරලොව උසාවියෙන් ගැලවීමක් නැහැ

රට බංකොලොත් කළ පාපතරයින්ට පරලොව උසාවියෙන් ගැලවීමක් නැහැ

රට බංකොලොත් කළ පාපතරයින්ට මෙලොව උසාවියෙන් ගැලවුණත් පරලොව උසාවියෙන් නම් ගැලවීමට නොහැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට…

රට බංකොලොත්  කළ පාපතරයින්ට මෙලොව උසාවියෙන් ගැලවුණත් පරලොව උසාවියෙන් නම් ගැලවීමට නොහැකි යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. 

ණය ගෙවන්නේ නැති නිසා ආණ්ඩුවට යම් මුදලක් ඉතුරු වෙන අතර ඒ මුදලින් සහනාධාර ලබා දුන්නත් එම ක්‍රියාවලිය ආර්ථික ජයග්‍රහණයක් නොවේ යැයි ද ඒ නිසා රට-ජනතාව අතර වැරදි චිත්‍රයක් මවන යන්න එපා යැයි ද ලක්ෂමන් කිරිඇල්ල මහතා රජයෙන් ඉල්ලා සිටියි. 

නිදහසින් පසු ආණ්ඩු ගණනාවක් රට පාලනය කළත් එක ආණ්ඩුවක් වත් රට බංකොලොත් කළේ නැතැයි ද  හැම ආණ්ඩුවක්ම ඊළඟ ආණ්ඩුවට මුදල් ඉතුරු කර ගිය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩි දුරටත් සඳහන් සිටියි. 

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට බංකොලොත් කළ පාපතරයින්ට පරලොව උසාවියෙන් ගැලවීමක් නැහැ | Lanka Newsweek