අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

“රට-දැය-සමය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කරන මෙහෙවර මිල කරන්න බැහැ”

“රට-දැය-සමය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කරන මෙහෙවර මිල කරන්න බැහැ”

ජාතික දේශපාලනයේදී පාර්ලිමේන්තුවේ කරන කාර්ය භාරය අති විශිෂ්ටයි..! ජන හිතකාමී බෞද්ධ දේශපාලන නායකයෙක්..! “ශාසනමාමක ජන ප්‍රසාදන” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ රාජ්‍ය…

ජාතික දේශපාලනයේදී පාර්ලිමේන්තුවේ කරන කාර්ය භාරය අති විශිෂ්ටයි..!

ජන හිතකාමී බෞද්ධ දේශපාලන නායකයෙක්..!

“රට-දැය-සමය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කරන මෙහෙවර මිල කරන්න බැහැ”

“ශාසනමාමක ජන ප්‍රසාදන” ගෞරව නාමයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක සහ රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රට,දැය,සමය වෙනුවෙන් ජාතික දේශපාලන ක්ෂත්‍රයේදීත්, උත්තරීතර පාර්ලිමේන්තුවේ සහ ජන සමාජයේදීත් කරන මෙහෙවර මිල කළ නොහැකි යැයි ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අග්ග මහා පණ්ඩිත මහෝපාධ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ “lanka newsweek” සමග අවධාරණය කළහ.

කන්ද උඩරට සිංහල බෞද්ධ ප්‍රභූ පවුලකින් පැවත එන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාති,ආගම්,කුල භේද නොසලකා සිංහල, දෙමළ, මුස්ලීම් ඇතුළු සියලු ජන වර්ගයාගේ අයිතීන් අවශ්‍යතා සහ සිතුම් පැතුම් වෙනුවෙන් ඍජුව මැදිහත් වී ක්‍රියා කරන ජාතික  දේශපාලන නායකයෙකු බව ද උන් වහන්සේ පෙන්වා දුන්හ.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක කොටුගොඩ ධම්මාවාස  නා හිමියෝ මේ බව අවධාරණය කළේ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අති පුජනීය වරකාගොඩ  ඥානරතන මහ නායක ස්වාමීන්ද්‍රයන්  වහන්සේ ප්‍රමුඛ  ගරුතර කාරක සංඝ සභාව විසින් ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු පාර්ශවයේද අනුමැතිය ඇතිව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත ප්‍රධානය කරනු ලැබූ “ශාසන මාමක ජන ප්‍රසාධන” ගෞරව  නාමය සහ එම උපහාරය සම්බන්ධයෙන් “lanka newsaweek” කළ කරුණු විමසීමේදීය.

ජන හිතකාමී දේශපාලන නායකයෙකු ලෙස සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ප්‍රධානය කළ ඒ ගෞරව  නාමය සහ ඔහුට දැක්වූ එම උපහාරය ශ්‍රී  ලංකා අමරපුර මහ නිකායද බෙහෙවින්ම අගය කරන බව අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අවධාරණය කළහ.

“රට-දැය-සමය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කරන මෙහෙවර මිල කරන්න බැහැ”
ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
“රට-දැය-සමය වෙනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල කරන මෙහෙවර මිල කරන්න බැහැ” | Lanka Newsweek