රට ජාත්‍යන්තර වශයෙන් රාජ්‍යතාන්ත්‍රිකව පරාදයි

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර…
එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව රටක් ලෙස ශ්‍රී ලංකාව ලැබූ ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික පරාජයක් යැයි කොළඹ විශ්ව විද්‍යාලයයේ ජාත්‍යන්තර සම්බන්ධතා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය හසිත කන්දඋඩහේවා මහතා අවධාරණය කර සිටියි.
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාව රටේ ආර්ථික අර්බුදය තව තවත් තිව්‍රවීමට බලපා හැකි බවද ඔහු සඳහන් කළේය.
"ගොඩක් රටවල් අපිට සහයෝගය දක්වන්නේ නැහැ. ඒකට හේතුව තමා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ඇති වෙච්ච ප්‍රචණ්ඩත්වය.ඒක හින්ද අපි ජාත්‍යන්තරව රාජ්‍යතාන්ත්‍රිකව පරාදයි. මෙම තත්ත්වය සමඟ අපිට විදේශ ආයෝජන, යුරෝපා ආධාර, සෘජු විදේශ ආයෝජන අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ආයෝජන අඩු වෙන්න පුලුවන්. IMF එකටත් මේ යෝජනා සම්මතය එච්චර හොඳ සිග්නල් එකක් වෙන එකක් නැහැ." යනුවෙන් ද ආචාර්ය හසිත කන්දඋඩහේවා මහතා වැඩි දුරටත් පැවසීය.