රට-ජනතාව ගැන කැක්කුමක් නැති දේශපාලකයන්ට ඡන්දය දෙන්න එපා

කොළඹ අග රදගුරු හිමිපාණෝ අවධාරණය කර සිටිති රට-ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබා දෙන්න එපා යැයි කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ. නිවාස…
කොළඹ අග රදගුරු හිමිපාණෝ අවධාරණය කර සිටිති
රට-ජනතාව මුහුණ දී සිටින ප්‍රශ්න සම්බන්ධයෙන් සංවේදී නොවන දේශපාලකයන්ට ඡන්දය ලබා දෙන්න එපා යැයි කොළඹ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවසූහ.
නිවාස නැති පවුල් සිටියදී නාගරික සංවර්ධන අමාත්‍යාංශය ඩොලර් සෙවීම සඳහා අධි සුඛොපභෝගී නිවාස ඒකක තුනක් ඉදි කර විදේශිකයින්ට විකුණා ඇතැයි හෙළිදරව් කළ උන්වහන්සේ එම අමාත්‍යංශය තියෙන්නේ විදේශිකයින්ගේ ඕනෑ-එපාකම් පිරිමහන්නදැයි ප්‍රශ්න කර සිටියහ.
එවැනි දේශපාලකයින්ට ඡන්දය දී නිවාස ඉදි කර දෙන්නැයි තමාගෙන් ඉල්ලීම් කරන්නට එපා යැයි ද, ජනතා ප්‍රශ්න විසදන්න බැරි දේශපාලනඥයෝ ගෙදර යා යුතු යැයි ද උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කර සිටියහ.