අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ගොඩ ගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ විපක්ෂනායක එක්කයි

රට ගොඩ ගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ විපක්ෂනායක එක්කයි

රට පුරා මහා සංඝ රත්නය විපක්ෂනායක වටා එකතු වනවා ලක්ෂ්මන් කිරිඇල්ල වීරයෙක් ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ අවධාරණය කරති රට ගොඩ ගත හැකි හොඳම සහ දක්ෂම කණ්ඩායම සිටින්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක…

රට පුරා මහා සංඝ රත්නය විපක්ෂනායක වටා එකතු වනවා 

ලක්ෂ්මන් කිරිඇල්ල වීරයෙක් 

ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ අවධාරණය කරති  

රට ගොඩ ගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ විපක්ෂනායක එක්කයි

රට ගොඩ ගත හැකි හොඳම සහ දක්ෂම කණ්ඩායම සිටින්නේ විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ අවධාරණය කර සිටිති.

මේ නිසාම රට පුරා මහා සංඝයා වහන්සේලා විශාල පිරිසක් විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන ඔහුගේ කණ්ඩායම වටා එකට ඒකරාශී වී සිටින බව ද, මහා සංඝ රත්නයේ ආශීර්වාදය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන කණ්ඩායමට තිබෙන බව ද ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ කියති. 

දැන්වීම

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් ප්‍රධාන සජිත් ප්‍රේමදාස මහතාගේ නිලධාරී මණ්ඩලයේ සිටින්නේ දක්ෂයින් බව පෙන්වා දෙන අකුරටියේ නන්ද නා හිමියෝ විශේෂයෙන් පාර්ලිමේන්තුවේ දී රට-ජනතාව වෙනුවෙන් විශාල හඬක් නගමින් සටන් කරන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වීරයෙකු යැයි ද අවධාරණය කර සිටිති.

ඒ අනුව දූෂිත නොවූ තරුණ පිරිස්වලට ද ඇහුන්කම් දී, සිය දක්ෂ කණ්ඩායම සමග එකට එක්ව අනාගතයේ දී ශක්තිමත් රජයක් බිහි කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට අවස්ථාව සැලසෙනු ඇතැයි ද ආචාර්ය අකුරටියේ නන්ද නා හිමියෝ විශ්වාසය පළ කර සිටිති.  

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට ගොඩ ගත හැකි හොඳම කණ්ඩායම සිටින්නේ විපක්ෂනායක එක්කයි | Lanka Newsweek