අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ගොඩ ගත හැක්කේ විකල්ප නායකයෙකුට විතරයි

රට ගොඩ ගත හැක්කේ විකල්ප නායකයෙකුට විතරයි

සාම්ප්‍රදායික දේශපාලනයට තිත තැබිය යුතුයි රටට විකල්ප දේශපාලන සංස්කෘතියක් ඕනෑ තරුණ තරුණියන් රට අත හැර යනවා රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදයෙන් ගොඩ ගෙන ජනතාව සවි බල ගැන්විය හැක්කේ විකල්ප දේශපාලන…

සාම්ප්‍රදායික දේශපාලනයට තිත තැබිය යුතුයි 

රටට විකල්ප දේශපාලන සංස්කෘතියක් ඕනෑ 

තරුණ තරුණියන් රට අත හැර යනවා 

රට ගොඩ ගත හැක්කේ විකල්ප නායකයෙකුට විතරයි

රට මුහුණ දී සිටින උග්‍ර අර්බුදයෙන් ගොඩ ගෙන ජනතාව සවි බල ගැන්විය හැක්කේ විකල්ප දේශපාලන නායකයෙකුට සහ විකල්ප දේශපාලන සංස්කෘතියකට පමණක් යැයි අධි නීතීඥ ලාල් විජේනායක මහතා අවධාරණය කර සිටියි.


කොළඹ දී සඳුදා (20) පැවැති ජාතික ජන බලවේගයේ නියෝජිත සමුළුවේ දී මේ බව කියා සිටී එහි විධායක සභික අධි නීතිඥ ලාල් විජේනායක මහතා එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවැසීය.

දැන්වීම

මේ වන විටඅපේ රට ආර්ථික, දේශපාලනික, සමාජ සහ සංස්කෘතික වශයෙන් හැම පැත්තෙන්ම බිඳ වැටී තිබෙනවා. නිදහස ලැබිලා අවුරුදු හැත්තෑ තුනක්  රට පාලනය කළ පාලකයන් මෙම කලාපයේ රටවල් අතුරින් ඇෆ්ගනිස්ථානයට පමණක් ඉහළින් සිටින තත්ත්වයට අපේ රට බිඳ වට්ටලා.  

රට ඒ තත්ත්වයට පත් කළ දේශපාලනය පරාජයට පත් කළ යුතුයි. අප පරාජය කළ යුත්තේ, පුද්ගලයන් පමණක් නොවෙයි. ඔවුන්ගේ දේශපාලනයත් පරාජය කළ යුතුයි. ආර්ථික වශයෙන් අපේ රට වැටී තිබෙන තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඒ වාගේම අපේ සමාජය බිඳ වැටුණු සමාජයක්. රටේ සිටින නොයෙකුත් ජන කොටස් ඒකරාශී කර ශ්‍රී ලාංකේය අනන්‍යතාවක් ගොඩනඟන්න අසමත් වී තිබෙනවා. පාර්ලිමේන්තුව දිහා බැලුවාම මොන වාගේ පාලකයන් පිරිසක්ද පත් කර සිටින්නේ කියලා පැහැදිලි වෙනවා. 

රට කොතෙක් දුරට බිඳ වැටිලා ද කිව්වොත්, තරුණ පරම්පරාවේ හැම කෙනකුම අපේක්‍ෂා කරන්නේ රට අතහැර යන්නයි. ඒ වෙනුවෙන් නොයෙකුත් මාර්ග සොයමින් ඉන්නවා. රට ගැන ඔවුන්ගේ සම්පූර්ණ විශ්වාසය බිඳ වැටිලා. අනාගතයක් තිබෙනවා කියලා ඔවුන් විශ්වාස කරන්නේ නැහැ. ඉතාමත්ම භයානකම තත්ත්වය එම වාතාවරණයයි. 

මේ නිසා ජනතා විමුක්ති පෙරමුණ සහ අනෙකුත් වාමාංශික කොටස් එකතු වී ජාතික ජන බලවේගය පිහිටෙව්වා. අප අද මේ නියෝජිත සමුළුව පවත්වන්නේ විකල්ප දේශපාලනයක් රටට හඳුන්වා දෙන්න. ඒ වාගේම විකල්ප වැඩ පිළිවෙළක් සහ විකල්ප නායකයෙක් හඳුන්වා දෙන්න. ඒ වාගේම හැත්තෑ පස් දෙනකුගෙන් සමන්විත විධායක සභාවක් හඳුන්වා දෙන්න. 

ඒ අනුව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති මාලාව රට පුරාම ගෙනියලා ජනතාව සමඟ සාකච්ඡාවක් ඇති කිරීමට ක්‍රියා කරනවා. ඒ ප්‍රතිපත්තිවල යම් යම් වෙනස්කම් ඇති කිරීමට අවශ්‍ය නම්, ඊටත් ඉඩ තිබෙනවා. අපේ අපේක්‍ෂාව කඩා වැටුණු මේ රට නැවත ගොඩනැඟීම සඳහා අවශ්‍ය ආණ්ඩුවක් පිහිටු වන්න ක්‍රියා කිරීමයි. 

දිස්ත්‍රික් මට්ටමේ සම්මේලන ඉදිරියේ දී පවත්වා ජනතාවගේ අපේක්‍ෂා ඉටු කරන ආකාරයට ක්‍රියා කරමින්, බිඳ වැටුණු රට නැවත ගොඩනැඟීමට ක්‍රියා කරනවා. ඒ වෙනුවෙන් එක් වන ලෙස සියලු දෙනාටම ආරාධනා කරනවා. ජාතික ජන බලවේගය පක්‍ෂ හෝ කණ්ඩායම් කිහිපයකට සීමා කර නැහැ. විකල්ප දේශපාලනයක් මගින් බිඳ වැටුණු රට ගොඩනැඟීමට එකතු වන සියලු දෙනාට පොදු මධ්‍යස්ථානයක් ලෙස මේ වේදිකාව ගොඩනඟනවා. අපි ජනතාවටත් මේ වටා ඒකරාශී වන ලෙස ආයාචනා කරනවා.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 2
බෙදාගන්න
රට ගොඩ ගත හැක්කේ විකල්ප නායකයෙකුට විතරයි | Lanka Newsweek