අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ගොඩනගන සජබ මෙහෙයුමට ජනරාල් දයා රත්නායකත් එක් වෙයි

රට ගොඩනගන සජබ මෙහෙයුමට ජනරාල් දයා රත්නායකත් එක් වෙයි

දශක තුනක කුරිරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

දශක තුනක කුරිරු  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ මානුෂීය මෙහෙයුමට නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වැනි යුද හමුදාපතිවරයා වූ ජනරාල් දයා රත්නායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය සමග එක් විය. 

එහි දී ජනරාල් දයා රත්නායක මහතාව සමගි ජන බලවේගයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස පත් කිරීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය.

කුරුණැගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු වන ජනරාල් දයා රත්නායක මහතා අවුරුදු තිස් පහකට අධික කාලයක් යුද හමුදාවේ පාබල සේනාංකයට නායකත්වය ලබා දෙමින් කටයුතු කළ අතර අවසන් යුද්ධය ජය ගැනීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට ගොඩනගන සජබ මෙහෙයුමට ජනරාල් දයා රත්නායකත් එක් වෙයි | Lanka Newsweek