රට ගොඩගන්න ජනපතිට වැඩ පිළිවෙළක් නැහැ

ජනපතිට මොළයක් තිබුණට හදවතක් නැහැ ආණ්ඩුවට වැඩපිළිවෙළකුත් නෑ ඉදිරි ගමනකුත් නැහැ රාජිතගෙන් ජනපතිටයි ආණ්ඩුවටයි දැඩි ප්‍රහාරයක්..! ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ මේ ආණ්ඩුවට හෝ රට ගොඩගැනීමට නිසි…
ජනපතිට මොළයක් තිබුණට හදවතක් නැහැ
ආණ්ඩුවට වැඩපිළිවෙළකුත් නෑ ඉදිරි ගමනකුත් නැහැ
රාජිතගෙන් ජනපතිටයි ආණ්ඩුවටයි දැඩි ප්‍රහාරයක්..!
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ මේ ආණ්ඩුවට හෝ රට ගොඩගැනීමට නිසි වැඩපිළිවෙළක් නැතැයි දොස්තර රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි.
ජනාධිපතිවරයාට මොළයක් තිබුණද හදවතක් නොමැති බව ද, ආණ්ඩුව ඇතුළේ කල්ලි දෙකක් දෙපැත්තට වී කා කොටා ගන්නා බව ද, එවැනි ආණ්ඩුවකට එකතු වීම මහ මුලාවක් බව ද රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.
නායකයෙකු වුණාම ජනතාවට ආදරය කළ යුතු යැයි ද, ඔහු අවංක විය යුතු යැයි ද, ඔහුට බුද්ධියක් සහ පළපුරුද්දක් තිබිය යුතු යැයි ද, එවැනි නිවැරදි නායකත්වයක් යටතේ ජනතාව එකට එකතු කර ගෙන ඉදිරියට යා යුතු යැයි ද රාජිත සේනාරත්න මහතා කියා සිටියි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බොහොම ජනහිතකාමී නායකයෙකු වන අතර හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ගතිගුණ සියල්ල සජිත් ප්‍රේමදාස මහතාට ද පිහිටා ඇති බව ද දොස්තර රාජිත සේනාරත්න මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි.