අන්තර්ගතයට යන්න
Lanka Newsweek

දැන්වීම

දේශපාලන

රට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති

රට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති

උසස් අධ්‍යාපනය සදහා වි‍දේශ ගතව යළි නොපැමිණි විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිදරව් කර…

උසස් අධ්‍යාපනය සදහා වි‍දේශ ගතව යළි නොපැමිණි  විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රුපියල් කෝටි දෙසීයකට ආසන්න හිඟ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හෙළිදරව් කර සිටියි. 

මෙම මුදල අදාළ ඇපකරුවන්ගෙන් හෝ  අය කර ගැනීමට කටයුතු කළ යුතු බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් මෙහිදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා ඇතුළු නිලධාරින්ට පෙන්වා දී තිබේ.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවූ ආචාර්යවරුන් 617 ක පමණ පිරිසගෙන් අදාළ හිඟ ගෙවීම් කර ඇත්තේ ආචාර්යවරුන්  84 දෙනකු පමණක් බවට ද පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වැඩි දුරටත් තොරතුරු අනාවරණය කර සිටියි.

මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව මාසයක කාලයකදී පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව දැනුවත් කරන ලෙස  එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

ලියන ලද්දේ Lanka Newsweekකියවීමට මිනිත්තු 1
බෙදාගන්න
රට ගිය සරසවි ඇදුරෝ කෝටි 200 ක් පොලු තියති | Lanka Newsweek