රට කරවන්නේ ආත්මාර්ථකාමී පෙරේතයින් පිරිසක්

රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වී සිටින්නේ ඒ නිසයි රටේ අර්බුදයට හේතුව අග රදගුරු කියති රටක් ලෙස ශ්‍රී ලංකාව ජාතික නිදහස ලබා ගත වූ අවුරුදු 74 පුරාවටම රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වූයේ ආත්මාර්ථකාමී…
රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වී සිටින්නේ ඒ නිසයි
රටේ අර්බුදයට හේතුව අග රදගුරු කියති
රටක් ලෙස ශ්‍රී ලංකාව ජාතික නිදහස ලබා ගත වූ අවුරුදු 74 පුරාවටම රට ආපස්සට ගොස් ජනතාව අන්ත අසරණ වූයේ ආත්මාර්ථකාමී පෙරේත මනුෂ්‍යයන් පිරිසක් රටේ නායකත්වය ගෙන කටයුතු කරමින් සිටින නිසා යැයි කොළඹ අග රදගුරු කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණෝ අවධාරණය කර සිටිති.
මේ ආත්මාර්ථකාමී පෙරේත නායකයින් 1956 සිට 2009 දක්වාම කළේ ජාතීන් ජාතීන් අතර භේදය ඇති කිර බලයට පැමිණීම යැයි ද මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ පෙන්වා දුන්හ.
මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණෝ මේ බව අවධාරණය කර සිටියේ, බේරුවල ශාන්ත ආනා දේවස්ථානයට අයත් අලුත්ගම පිහිටි අති උතුම් ජපමාල පරමේශ්වරීගේ දේවස්ථානයට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවති කිතුනු ආගමික වැඩ සටහනකට එක් වෙමින් වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ.
දැන්වීම
"මේ අය ආගම් භේදය පතුරු වන්න හැදුවා. පාස්කු ප්‍රහාරය වට කර ගෙන ඒක මුල් කර ගෙන ආගම් භේදයක් ඇති කරන්න හැදුවා. ඒ ආගම් භේදයේ ගැටයට අපි අහු වුණේ නෑ. නමුත් ඒ ගොල්ලන්ගෙ ඉලක්කය ඒක තමයි. ඊට පස්සේ මොකක්ද කළේ. ආර්ථික භේදයක් ඇති කරන්න කටයුතු කළා. හිංසාව භීෂණය වැඩි කරන සමාජ ක්‍රමයක් රටේ බිහි කළා.
ඉතින් මේ ඔක්කොම කළාම මොකද වුණේ. සතුටින් සැනසිල්ලෙන් ඉන්න හම්බ වුණේ නෑ. රටේ සියලු ජනයාම් ජීවත් වෙන්නේ ඉතාම අසහනකාරී තත්ත්වයකින්. හෙට උදේ නැගිට්ටාම මොනවා වෙයිද කියලා දන්නේ නැහැ . අපිට හැකි අයුරින් මේ රටේ මේ දූෂිත ක්‍රමවේදය වෙනස් කරන්නට අපි කටයුතු කළ යුතුයි.
මේ දූෂිත ක්‍රමවේදය දිගටම ගියොත් ඉන් අපේ රට මීටත් වඩා භයානක විනාශයකට යාවි. හරි මාර්ගයට රට ගෙනයා යුතුයි. ඒක තමයි අපේ වගකීම කැපවීම. ආදරණීය සහෝදර සහෝදරියනි ක්‍රිස්තු භක්තිකයකු විදිහට අපිට පැවරෙන්නේ අන්න ඒ වගකීම තමයි."