රට ඉවරයි-පාර්ලිමේන්තුව වහාම කැඳ වනු..!

ඩොලර් බිලියන 8000ක් ව තිබුණ විදේශ සංචිතය බිලියන 1.2 ට අඩු වුණේ කෙසේද..? යහ පාලනය රට භාර දුන්නේ ජාතික ආදායම බිලියන 2000 දක්වා වැඩි කරල ගජ මිතුරන්ට සහන දී බිලියන 800ක වාර්ශික ආදායමක් නැති රටට නැති කළා…
ඩොලර් බිලියන 8000ක් ව තිබුණ විදේශ සංචිතය බිලියන 1.2 ට අඩු වුණේ කෙසේද..?
යහ පාලනය රට භාර දුන්නේ ජාතික ආදායම බිලියන 2000 දක්වා වැඩි කරල
ගජ මිතුරන්ට සහන දී බිලියන 800ක වාර්ශික ආදායමක් නැති රටට නැති කළා
1994 සිට අවුරුදු 20ක් රට පාලනය කළේ ශ්‍රීලනිපය ඇතළු පොදු ජන පෙරමුණ
රටේ ණයවලින් 80%ක් ඒ අයගේ
ආණ්ඩුව කොළඹ ඉඩම් 20ක් විතර විකුණන්න යනවා
(සුජිත් මංගල ද සිල්වා)
රටේ උද්ගත වී තිබෙන උග්‍ර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කර විසඳුම් සොයා ගැනීම සඳහා වසා තිබෙන පාර්ලිමේන්තුව වහාම කැඳවීමට රජය ක්‍රියා කළ යුතු යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධි නීතීඥ ලක්ෂමන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.
එසේ නොකළහොත් දේශපාලනය කිරීමටවත් රටක් ඉතිරි නොවනු ඇතැයි අනතුරු අඟවා සිටී ලක්ෂමන් කිරිඇල්ල මහතා කවුරුන් ආණ්ඩු කළත් පුරවැසියන් ලෙස සියලු දෙනාගේ වගකීම වන්නේ රට ආරක්ෂා කර ගැනීම යැයි ද පෙන්වා දුන්නේය.
කොළඹ 07, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී සඳුදා (03) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් මේ බව කියා සිටී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.
දැන්වීම
අද රටේ ඩොලර් නැහැ. ගොවි ජනතාව අමාරුවේ වැටිලා. අත්‍යාවහ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම ඇතුළු රටේ ප‍්‍රශ්න දිනෙන් දින වැඩි වෙද්දි පාර්ලිමේන්තුව වසා නොදමා වහාම පාර්ලිමේන්තුව කැඳ විය යුතුයි. බිලියන 8000ක් ව තිබුණ රටේ නිල විදේශ සංචිතය බිලියන 1.2 ට අඩු කරලා. අපි අහනවා එහෙම වුණේ කොහොමද කියලා. අයවැය විවාදයේදි මේ ගැන ඇහුවත් හරි පිළිතුරක් ලැබුණේ නෑ. මුදල් ඇමතිතුමා පාර්ලිමේන්තුවේ හිටියේ නැහැ. 2015 යහපාලන රජය බලයට පත් වෙන කොට අපේ ජාතික ආදායම බිලියන 1000 යි. නමුත් අපි ආණ්ඩුව නැවත භාර දෙන කොට ජාතික ආදායම බිලියන 2000 දක්වා වැඩි කරලයි දුන්නේ. විදේශ සංචිත බිලියන 8000ක් තිබුණා. නමුත් අද වන විට විදේශ සංචිත 1.2ට බස්සලා තියෙනවා.
ජනාධිපතිවරණයට සහ මහා මැතිවරණයට උදව් කරපු විශාල සමාගම්වලට බදු සහණ ලබා දි ලා බිලියන 800ක වාර්ශික ආදායමක් නැති කර ගත්තා. අද ආර්ථික අර්බුදයට ප‍්‍රධාන හේතුව ඒකයි. COVID-19 වසංගතය නොවෙයි. මේ සියලු ප‍්‍රශ්න නිසා අපේ රටේ අද විශාල ආර්ථික අර්බුදයක් තියෙනවා. අද ඩොලර් නැහැ. ගෑස් නැහැ. කිරිපිටි නැහැ. ගොවි ජනතාව අමාරුවේ වැටිලා. ඉන්ධන ගැටලු තිබෙනවා. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිහිල්ලා. නමුත් මේ සියලු ප‍්‍රශ්න තිබියදි රජය පාර්ලිමේන්තුව වහලා දැම්මා. හරි නම් ප‍්‍රශ්න තියෙන කොට පාර්ලිමේන්තුව වැඩි වාර ගණනක් පවත්වන්න ඕනේ. නමුත් අද පාර්ලිමේන්තුව වහලා. මොකද පාර්ලිමේන්තුව තිබ්බා නම් විපක්‍ෂය අහන ප්‍රශ්නවලට උත්තර දෙන්න ආණ්ඩුවට බෑ. ඒ නිසයි පාර්ලිමේන්තුව වැහුවේ. නැතිව වෙන හේතුවක් නෑ.
අපි රජයට කියනවා වහාම පාර්ලිමේනතුව කැදවන්න කියලා. අපිට ජනතාවට සිදු වන අසාධාරණයට විරුද්ධව කතා කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුව විතරයි. මම පැහැදිලිවම කියනවා ආණ්ඩුව කඩා වැටිම කියන්නේ එකක්. නමුත් අපේ රට දිනෙන් දින අගාධයට යාම අපිට බලාගෙන ඉන්න බෑ. මොකද අපි මේ රටේ පුරවැසියෝ. කවුරු ආණ්ඩු කළත් අපි ඉන්නේ රට ආරක්ෂා කර ගන්න. වහාම පාර්ලිමේන්තුව කැදවන්න.
අද හැමෝම අහනවා ණය ගෙවන්නේ කොහොමද කියලා. 1994 ඉදලා අපේ රට අවුරුදු 20ක් පාලනය කරලා තියෙන්නේ පොදු ජන පෙරමුණ ඇතුළු කණ්ඩායම. අද ණය වෙලා තියෙන මුදලින් 80%ක් ලබා ගත්තේ මේ අය. ඒක හොදින් මතක තියා ගන්න. මේ ණය වැඩි හරියක් අරං තියෙන්නේ පෞද්ගලික බැංකුවලින්. එහෙම ගත්තාම වියදම් කරන ආකාරය හොයන්නේ නෑ. ජාත්‍යන්තර සංවිධානයකින් ගත්තා නම් වියදම් කරන ආකාරය හොයනවා. විශේෂයෙන්ම 2007 ඉදන් පෞද්ගලික බැංකුවලින් ණය ගත්තා. ඒ ණය අර ගෙන හම්බන්තොට වරාය සහ නෙළුම් කුළුණ වැනි සත පහක ආදායමක් නැති ව්‍යාපෘති කළා. දැන් මේ අය මේ ණය ගෙවන්න ඕනේ.
රජය දැන් කොළඹ ඉඩම් 15ක් 20ක් විකුණන්න සැළසුම් කරනවා. මහනුවර බෝගම්බර අක්කර 07ක භුමියත් විකුණන්න දාලා. අපේ කාලේ අපි මහනුවර ජනතාවට දවස ගත කරන්න පුළුවන් ආකාරයට සැළසුම් කරලා තිබුණේ. ජපානයෙන් ඒ සඳහා අධාර ලැබෙන්න නියමිතව තිබුණා. නමුත් වත්මන් රජය බෝගම්බර කි‍්‍රඩා පිටිය විකුණන්න දාලා. නමුත් සෞභාග්‍යයේ දැක්ම අනුව මේ අය රටට කිව්වේ රටේ කිසිම දේපළක් විකුණනන්නේ නෑ කියලයි. විකුණපුවත් නැවත ගන්නවා කිව්වා.
ඒ වගේම තෙල් ටැංකි පිළිබඳ ප්‍රශ්නය. අද පාර්ලිමේන්තුව වහලා ගිවිසුම් ගහන්න හදනවා. මේක හරිද..? පාර්ලිමේන්තුව මේ ගිවිසුම් දැන ගන්න ඕනේ. යුගදනව් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැහැ. මම කිපවතාවක්ම ඉල්ලූවා. නමුත් දුන්නේ නැහැ. මේ ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. අපි මේ ගැන දැන ගන්න ඕනේ. ඒ නිසා වහාම පාර්ලිමේන්තුව විවෘත කරන්න. රටේ ප්‍රශ්න තිබියදි අපිට මෙහෙම කරන්න දෙන්න බෑ. අපි මේවා කතා කරන්න ඕනේ.
